The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලිබල මණ්ඩලය අප්‍රේල් 1 සිට 13.5% ක විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි !

T

The Leader Desk

February 15, 2026 • 3:28 PM

විදුලිබල මණ්ඩලය අප්‍රේල් 1 සිට 13.5% ක විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.
  • වෘත්තීය සංගම් නියෝජිතයින් පවසන්නේ ගල් අඟුරු වංචාවෙන් සිදුවූ පාඩුව ද විදුලි ගාස්තුවෙන් පියවා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවය.
  • වසරකට සිව්වතාවක් සිදුකරන විදුලි සංශෝධනයට අනුව 2026 වසරේ පළමු කාර්තුවට සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූයේ නැත.
  • නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් නොකිරීම සැලකිල්ලට ගනිමින් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබූ අතර 2026 දෙවන කාර්තුව සදහා ගාස්තු සංශෝධන යෝජනාව පෙබරවාරි 13 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ඔවුන් විදුලි බල මණ්ඩලයට දැනුම්දීමක් සිදුකර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.

වෘත්තීය සංගම් නියෝජිතයින් පවසන්නේ ගල් අඟුරු වංචාවෙන් සිදුවූ පාඩුව ද විදුලි ගාස්තුවෙන් පියවා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවය.

වසරකට සිව්වතාවක් සිදුකරන විදුලි සංශෝධනයට අනුව 2026 වසරේ පළමු කාර්තුවට සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූයේ නැත.

නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් නොකිරීම සැලකිල්ලට ගනිමින් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබූ අතර 2026 දෙවන කාර්තුව සදහා ගාස්තු සංශෝධන යෝජනාව පෙබරවාරි 13 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ඔවුන් විදුලි බල මණ්ඩලයට දැනුම්දීමක් සිදුකර තිබිණි.

ඒ අනුව 2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

ඒ, එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාල සීමාවට අදාළවය.

අදාළ යෝජනාවලිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා අතර අනතුරුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
dgdgdf

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...