The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

මාස 10ට වාහන 250000 ගෙන්නලා !

T

The Leader Desk

November 3, 2025 • 4:52 AM

මාස 10ට වාහන 250000 ගෙන්නලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්‍රතිශතයකි.
  • මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් මෙරට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 36,431 ක් පමණ) මුදලක් වියදම් කර ඇති අතර වාහන ආනයනය වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
  • වාහන ආනයනයට වැඩිම මුදලක් වැයකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8682 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැයකර තිබිණි.
  • වාහන ආනයන වියදමට පෞද්ගලික වාහන මෙන්ම වාණිජ වාහන ආනයනය කිරීමට ගීය වියදමද ඇතුළත් වන බව දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්‍රතිශතයකි.

මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් මෙරට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 36,431 ක් පමණ) මුදලක් වියදම් කර ඇති අතර වාහන ආනයනය වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

වාහන ආනයනයට වැඩිම මුදලක් වැයකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8682 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැයකර තිබිණි.

වාහන ආනයන වියදමට පෞද්ගලික වාහන මෙන්ම වාණිජ වාහන ආනයනය කිරීමට ගීය වියදමද ඇතුළත් වන බව දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක් වියදම් කර තිබූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 118 ක් මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් කර තිබිණි.

එසේම ජූනි මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 163 ක මුදලක්ද, ජූලි මාසයේදී මෙරටට වාහන ආනයනය කිරීමට ඩොලර් මිලියන 193 ක මුදලක්ද වැයකර ඇත. පසුගිය අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 249 ක මුදලක් වියදම් කර තිබිණි.

ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක මුදලක් වැයකර තිබුණේය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


සබැඳි පුවත් :

සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාස 10ට වාහන 250000 ගෙන්නලා ! | The Leader