The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති පුටුව සමුදිකා ජයරත්නට

T

The Leader Desk

February 3, 2026 • 10:53 AM

විගණකාධිපති පුටුව සමුදිකා ජයරත්නට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ සමුදිකා ජයරත්න ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
  • මාස 10ක් තිස්සේ නොපිරවූ පුරප්පාඩුව ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න, වසර 6ක සේවා කාලයකින් පසු 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු විය.
  • විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත් කරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සහ සිවිල් සංවිධාන වෘත්තීයවේදින් ඇතුළු පිරිස් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා විසින්  නිර්දේශ කරනු ලැබූ සමුදිකා ජයරත්න ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3)  රැස්විය.

විගණකාධිපති  තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර නිර්දේශ කරනු ලැබූ නම් හතරක් විවිධ හේතු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

මාස 10ක් තිස්සේ නොපිරවූ පුරප්පාඩුව

 

ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න, වසර 6ක සේවා කාලයකින් පසු 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු විය.

අනතුරුව එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පත් කෙරුණු අතර ඔහුගේ වැඩ බැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස අවසන් විය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත් කරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සහ සිවිල්  සංවිධාන වෘත්තීයවේදින් ඇතුළු පිරිස් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විගණකාධිපති පුටුව සමුදිකා ජයරත්නට | The Leader