The Leader News
BREAKING
Top Ad
පුවත්

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

T

The Leader Desk

February 14, 2026 • 4:29 AM

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී ඊයේ (13) පස්වරුවේ එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.
  • මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
  • එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවයි.
  • මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී ඊයේ (13) පස්වරුවේ එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

එම ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

මෙම ඝාතන සිද්ධිය  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවයි.

මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.

අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (14) පෙරවරුවේ නීතිඥ සංගම් මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කළේය. රටේ සියලු පුරවැසියන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ මුලික වගකීමක්  බව මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේදී අවධාරණය කෙරින.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක් | The Leader