The Leader News
BREAKING
Top Ad
පුවත්

10 වැනි ගල් අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි - විපක්ෂ නායක

T

The Leader Desk

February 28, 2026 • 10:39 AM

10 වැනි ගල් අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි - විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පද්ධති පාලන ඒකක වාර්තා අනුව විදුලි බල මණ්ඩල හා මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව 9 සහ 10 නැව් දෙකේම ගල් අගුරු බාල බවත් මෙගාවොට් 300ක් නිපදවිය යුතු තැන මෙගාවොට් 263ක් පළමු යුනිට් එකෙන් නිපදවන විට තුන් වැනි යුනිට් එක ද මෙගවොට් 275ක් පමණක් නිපදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • නොරොච්චෝල බලගාරයේ වාර්තා ගැන රජය අවධානය යොමු නොකරන බවත් මේ ගල් අගුරු වංචාවට රජය සෘජුවම වගකිව යුතු බවත් අදටත් රටට ගෙන එන්නේ බාල ගල් අගුරු බවත් මේවාට හේතු ඉදිරිපත් කළ යුතු බවත් මෙහි වාසිය යන්නේ ඉන්දන මාෆියාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
  • අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
  • ගල්අ­ඟුරු සිද්ධිය බර­ප­ත­ළයි වංචාව බිලි­යන 7කට වැඩියි මේ අතර සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජය­ව­ර්ධන පවසන්නේ, බාල ගල්අඟුරු නිසා නොරො­ච්චෝලේ බලා­ගා­රය අක්‍රිය වීමේ අව­දා­න­මක් ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පද්ධති පාලන ඒකක වාර්තා අනුව විදුලි බල මණ්ඩල හා මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව 9 සහ 10 නැව් දෙකේම ගල් අගුරු බාල බවත් මෙගාවොට් 300ක් නිපදවිය යුතු තැන මෙගාවොට් 263ක් පළමු යුනිට් එකෙන් නිපදවන විට තුන් වැනි යුනිට් එක ද මෙගවොට්  275ක් පමණක් නිපදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තුළින් මේ ගල් අගුරු බාල බවට පැහැදිලි බවත් දෙවැනි ඒකකයේ ඇත්තේ රුසියනු ගල් අගුරු නිසා හරියට මෙගවොට් 300 නිපදවන බවත් ඒ අනුව සමගි ජන බලවේගය දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණු ඇත්ත බවට පෙනී යන බවත් මෙයට හේතුව රජය බාල ගල් අගුරු ගෙන්වීම බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී රජය කරන්නේ හදිසි මිලදී ගැනීම් කිරීම බවත් මේ හදිසි මිලදී ගැනීමට හේතුව ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙන ඒම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නොරොච්චෝල බලගාරයේ වාර්තා ගැන රජය අවධානය යොමු නොකරන බවත් මේ ගල් අගුරු වංචාවට රජය සෘජුවම වගකිව යුතු බවත් අදටත් රටට ගෙන එන්නේ බාල ගල් අගුරු බවත් මේවාට හේතු ඉදිරිපත් කළ යුතු බවත් මෙහි වාසිය යන්නේ ඉන්දන මාෆියාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.



ගල්අ­ඟුරු සිද්ධිය බර­ප­ත­ළයි වංචාව බිලි­යන 7කට වැඩියි

මේ අතර සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජය­ව­ර්ධන පවසන්නේ, බාල ගල්අඟුරු නිසා නොරො­ච්චෝලේ බලා­ගා­රය අක්‍රිය වීමේ අව­දා­න­මක් ඇති බවයි.

දූෂ­ණය පිටු­දැ­කී­මට බලය ලබා­ගත් ජාතික ජන බල­වේ­ග ආණ්ඩුව විශාල දූෂණ සිදු කිරීම කන­ගා­ටු­වට කරු­ණක් බව ද ඔහු කියා සිටියි.

නොරො­ච්චෝලේ බලා­ගා­රයේ මෙගා­වොට් 900ක් නිෂ්පා­ද­නය කිරී­මට තිබූ බලය, අද වන විට මෙගා­වොට් 600ක් දක්වා අඩු වී ඇති බවත්, මීට හේතුව බාල ගල් අඟුරු බවත් අව­ධා­ර­ණය කළ මන්ත්‍රී­ව­රයා, බල­ශක්ති නිෂ්පා­ද­න­යෙන් මෙගා­වොට් 300ක් මේ නිසා අහිමි වන බව ද කියා සිටියි.

 මෙසේ අහිමි වන බල­ශක්ති ප්‍රමා­ණය ඩීසල් බලා­ගා­ර­ව­ලින් සම්පූර්ණ කර­ගැ­නී­මට සිදු වන බවත්, ඒ සඳහා විශාල පිරි­වැ­යක් දැරී­මට සිදු වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

බාල ගල් අඟු­රු­ව­ලින් පම­ණක් රුපි­යල් බිලි­යන 7ක වංචා­වක් සිදු වී තිබෙන බවද පැවසූ ඔහු, මේ සියල්ල ජන­තාව පිට පැට­වෙන බවද කියා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...