ඉන් වැඩිම ප්‍රතිශතය ලබාදී ඇත්තේ ලීසිං පහසුකම් යටතේ වාහන මිලදී ගැනීමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන ජේ.පී.ආර් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
දෙවනුවට වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ උකස් පදනම මත වාහන ණය බවද ඔහු ප්‍රකාශ කළේය.
මූල්‍ය ස්ථායිතා විවරණය 2025 පිළිබඳව පැවැති මෙම මාධ්‍ය හමුවේදී මෙරට පවුල් ඒකක වාහන සඳහා ලබාගෙන ඇති ණය බෙදී ගොස් ඇති ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මෙම වසරේ පළමු මාස හයේදී ලබාදී ඇති සමස්ත දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 1,837 ක් බවත් ඉන් රුපියල් බිලියන 1,161 ක් ලබාදී ඇත්තේ වාහන ණය ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම වසරේදී ලබාගෙන ඇති ණය වලින් සියයට 63.2 ක් ලබාගෙන ඇත්තේ වාහන ණය ලෙස බවත් තවත් සියයට 19.4 ක් ලබාගෙන ඇත්තේ රන් ණය ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුත් කළ මූල්‍ය ස්ථායිතා විවරණ වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශය පුද්ගලික අංශයට ලබාදී ඇති ණය මුදලින් සියයට 40.7 ක් ලබාදී ඇත්තේ මෙරට පවුල් ඒකක සඳහා වන අතර පවුල් ඒකක සඳහා ලබාදී ඇති ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 1,010.3 කි.
පසුගිය වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශය පවුල් ඒකක සඳහා රුපියල් බිලියන 736.4 ක ණය මුදලක් ලබාදී ඇති අතර එය මෙම වසරේදී රුපියල් බිලියන 1,010.3 දක්වා සියයට 14.8 කින් වර්ධනය වී තිබේ. එම වාර්තාවට අනුව මූල්‍ය අංශය වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාතේ පවුල් ඒකක සඳහාය.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකශ කර සිටියේ පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ඉල්ලුමක් තිබූ බවත් එවන් තත්වයක් මත වාහන ණය ඉහළ යාම සාමාන්‍ය කරුණක් බවත්ය.
වසර 5 ක් තිස්සේ ගොඩ ගැසී ඇති ඉල්ලුම සැපිරීමත් සමග වාහන ඉල්ලුම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බවත් විශාල ඉල්ලුම සැපිරීමෙන් පසුව ලබන වසරේදී වාහන වලට පෙර පැවැති සාමාන්‍ය ඉල්ලුම පවතිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එය රජයේ ආදායමට ගැටළුවක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකාවට එම තත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වෙනු ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩි දුරටත් පැවැසුවේය.
(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)




