The Leader News
BREAKING
Top Ad
පුවත්

තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවිය හැකියි

T

The Leader Desk

March 2, 2026 • 3:52 AM

 තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවිය හැකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග කලාපය පුළුල් ගැටුමක් දක්වා වර්ධනය වීම හා ගෝලීය ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු වන හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම වැනි කාරණා මත එම බොරතෙල් බැරලයක මිල වැඩි වීම සිදු විය හැකි බව මෙසේ විශ්ලේෂකයන් පවසන්නේ යැයි රොයිටර්ස් වාර්තාව කියයි.
  • හෝමුස්‌ සමුද්‍ර සන්දිය ඔස්සේ තෙල් සැපයුම්වලට බාධා ඇතිවීමේ අවධානම හේතුවෙන් පසුගිය දා (පෙබ.
  • බොර තෙල් බැරලයක මිල ඩොලර් 72-73ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම රොයිටර්ස් වාර්තාව කියයි.
  • එනම් අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 66 සිට 72 දක්වා එම මිල වැඩිවීම සිදුවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මැද පෙරදිග කලාපය පුළුල් ගැටුමක් දක්වා වර්ධනය වීම හා ගෝලීය ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු වන හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම වැනි කාරණා මත එම බොරතෙල් බැරලයක මිල වැඩි වීම සිදු විය හැකි බව මෙසේ විශ්ලේෂකයන් පවසන්නේ යැයි රොයිටර්ස් වාර්තාව කියයි.

හෝමුස්‌ සමුද්‍ර සන්දිය ඔස්සේ තෙල් සැපයුම්වලට බාධා ඇතිවීමේ අවධානම හේතුවෙන් පසුගිය දා (පෙබ. 27) බොර තෙල් බැරලයක මිල ඩොලර් 72-73ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම රොයිටර්ස් වාර්තාව කියයි.

එනම් අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 66 සිට 72 දක්වා එම මිල වැඩිවීම සිදුවී තිබේ.

කෙසේ වෙතත්, මිල ඉහළ යෑම පාලනය කරගැනීම සඳහා ඔපෙක් රටවල් තෙල් නිෂ්පාදනය සහ අපනයන ඉහළ නංවනු ඇති බවත් රොයිටර්ස් වාර්තාව කියයි.

ඒ අනුව, රොයිටර්ස් වාර්තාව පෙන්වා දෙන්නේ ඔපෙක් රටවල් දිනකට බැරල් 411,000ක් හෝ ඊට වැඩියෙන් තම නිෂ්පාදන ඉහළ නැංවීමක් ගැන සාකච්ඡා කරනු ඇති බව ය.

රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන අතර මේ වන විට දිනකට බැරල් 137,000ට වඩා නිෂ්පාදනය නොකරන බව කියයි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය, ඉරානය, කුවෙට්, ලිබියාව, කොන්ගෝ, ඇල්ජීරියාව, වෙනිසියුලාව, ගැබොන් යන රටවල් ඔපෙක් සවිංධානයට අයත්ය.

මැදපෙරදිග සිට හෝමුස්‌ සමුද්‍ර සන්ධිය හරහා තෙල්, ගෑස් සහ අනෙකුත් නැව්ගත කිරීම් මේ වන විට නතර වී ඇත.

අදාළ කලාපය වසා දමා ඇති බව නැව් හිමියන්ට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් කර තිබීම මීට හේතුවයි.

මේ සම්බන්ධයෙන් ඔපෙක් සමාජිකයන් අද (මාර්තු 2) හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව රොයිටර්ස් වාර්තාව කියයි.

(mawbima | Sachithra Perera )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...