එහිදී ලබන වසරේදී (2026) රුපියල් මිලියන 600ක් වැය කරන බවත් ඉතිරිය ඉන්පසුව වැය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.
ආපදා තත්ත්වය සිදුවූ මුල් දින 20ක් වැනි කාලයේදී ආණ්ඩුව රුපියල් බිලියන 50ක් ඒ වෙනුවෙන් යොදා ඇතැයි පවසන ඇමැතිවරයා, ජනතාවට සහන සැලැස්සීමට මෙතෙක් විදෙස් ආධාර මුදල් යොදා නොගත් බව ද කියා සිටියි.
විදෙස්වලින් ලද භාණ්ඩමය ආධාර පමණක් මේ වනවිට ජනතාවට බෙදාදීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසයි.




