ශ්‍රී ලංකාව තුලදී ඝාතනය කරන ලද සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් නැගෙනහිරදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ.



මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී ජනවාරි 24 වැනි සදුදා පැවැති විරෝධතාවය සංවිධානය කර ඇත්තේ නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.

 දහසය වසරකට ඉහතදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් සිහිකරමින් මලින් පහනින් උපහාර දැක්වු මාධ්‍යවේදීන් විරෝධතාවය දියත් කරමින් අවධාරණය කළේ, 2006 වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි.

 

ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප මාධ්‍යවේදී රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඔහු ඝාතනය කරන ලදී.

 

මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී ජනවාරි 24 වැනි සදුදා පැවැති විරෝධතාවයට ජ්‍යේෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අජිත් සෙනවිරත්න හා  'වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ' කැඳවුම්කරු ප්‍රෙඩි ගමගේ ඇතුලු දකුණේ පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රෙඩි ගමගේ කියා සිටියේ, සමාජ මාධ්‍යවල හරහා සමාජ ප්‍රශ්න පිලිබදව අදහස් බෙදාගැනිම හේතුකොට ගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ගැටලු සහගත බව නීතිපති දෙපාර්තමේන්තුව පවා උසස් පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇති බවයි.

 

 journa 1journ 2

මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට පැවැති විරෝධතාවය

 

ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් :


ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)විසින් ලේඛනගත කර ඇති පරිදි 2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 කි.

 ඒ අතුරින් හතලිහකට වැඩි පිරිසක්  උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ මාධ්‍යවේදීන්ය.

 මේ වන විටත් පොලීසිය යොදාගනිමින් රජය මාධ්‍යවේදීන් මර්දනය කරන බව අවධාරණය කළ විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් පෙන්වා පෙන්වා දුන්නේ සමාජ මාධ්‍යවලින් සිය අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් නැගෙනහිර පළාතේ මාධ්‍ය ක්‍රියාධරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිරකොට සිටින බවයි.

 සමාජ මාධ්‍යවලින් සිය අදහස් ප්‍රකාශ කිරීමත්, උද්ඝෝෂණ පෑමත් හේතුවෙන් ත්‍රස්ත නීති යොදා ගනිමින් වසරකට වැඩි කලක් රදවාගෙන සිටින  'බැටී නිවුස්' ජායාරූප ශිල්පී මුරුගපිල්ලෙයි ගෝකුලදාසන් නිදහස් කරන ලෙසත් විරෝධතාවය දියත් කළ මාධ්‍යවේදීන් ඉල්ලා සිටි බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.

 
 

Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්