පසුගිය අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ සුළුතර ජන කණ්ඩායම් මර්දනය කරමින්, ක්‍රියාකාරීන්ට හිරිහැර කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අනතුරේ හෙලන ලද බවට තොරතුරු දැක්වෙන ජාත්‍යන්තර වාර්තාවක් එලි දැක්වීම නිසා

ආණ්ඩුව සැලීමට පත්ව සිටී.

මානව හිමිකම් නොරැකීම සම්බන්ධයෙන් එල්ලවන විවේචනවලට මේතාක් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කළ දෙවැනි රාජපක්ෂ පාලනය එම වාර්තාවට මෙවර ප්‍රතිචාර දක්වා ඇත්තේ වඩාත් හිතෛෂී අයුරකින් වීම කැපී පෙනේ.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වයට අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW) ආයතනය විසින් නිකුත් කළ අලුත්ම වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර ඇත.


මානව හිමිකම් සුරකින්නන් වශයෙන් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන කරන කාර්ය භාරය පලදායී බව පිළිගන්නා අතරේම HRW  වාර්තාව ආණ්ඩුව විසින් හඳුන්වා ඇත්තේ “පක්ෂග්‍රාහී වාර්තාකරණයක්” ලෙසිනි.


පිටු 752කින් සමන්විත HRW 2022 ලෝක වාර්තාව ශ්‍රී ලංකාව ඇතුළු 100 කට  ආසන්න රටවල් සංඛ්‍යාවක මානව හිමිකම් චර්යාව විමර්ශනයට ලක් කොට ඇත.

එම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය “රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්‍යංශය කනගාටුවෙන් දන්වා සිටියි,” යනුවෙන් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙමළ හා මුස්ලිම් ජනතාව ඉලක්ක කොට මර්දනයක් දියත් කරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒ සඳහා යොදා ගන්නා ප්‍රධාන මෙවලමක් ලෙස HRW විසින් පෙන්වා දී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ අයුතු ලෙස පාවිච්චියට ගෙන ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනතයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, වගවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීම, පුද්ගල ඒකරාශී වීම් සඳහා නිදහස ලබා දීම, කොවිඩ් වසංගතය, මුස්ලිම් විවාහ සහ දික්කසාද ආඥාපනත පිළිබඳ යෝජිත සංශෝධන ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකට අදාළව මෑත කාලීනව ලබා ඇති ප්‍රගතිය හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෙත අප ලබා දුන් ප්‍රතිචාරය තුළින් ඉස්මතු කර ඇත්තෙමු,” යි විදේශ අමාත්‍යාංශය පවසයි.


ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රකාශයට පත්කිරීමට තුඩුදුන් වාර්තාවෙන් HRW පවසන්නේ ජාත්‍යන්තරයට දෙන පොරොන්දු වල අරමුණ “විවේචනයේ සැර බාල කිරීම” බවයි.



“අයිතිවාසිකම් සම්බන්ධයෙන් අතීතයේ ඇතිකරගත් වර්ධනයන් ආපස්සට හැරවීමටත්, බරපතල කෙලෙසීම් හා සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිෂ්ඨාන කරගත් ආකාරයක් දිස්වේ,” යි HRW දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පවසයි. “ජාත්‍යන්තර විවේචනයේ සැර බාල කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණ හා යුක්තිය සම්බන්ධ පොරොන්දු දෙන අතරේම ඔහුගේ පාලනය සුළුතර ප්‍රජාවන් මර්දනය උත්සන්න කොට ඇත.”

එම විවේචනය සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් නොදෙන ආණ්ඩුව කියා සිටින්නේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ “සුවිශේෂී ප්‍රගතියක්” අත් කොටගෙන ඇති බවයි.



“ආර්ථික, සමාජීය සහ මානව සංවර්ධනය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු සියලුම අංශ සම්බන්ධයෙන් පවත්නා ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී රජය විසින් සිය ජනතාවට වගකියනු ලැබේ. මීට සමගාමීව පශ්චාද්-ගැටුම් තත්ත්වය යටතේ සංහිඳියාව ක්‍රියාවට නැංවීම, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය  ලංකාවාසී ජනතාව ඉදිරියේ සහ ජාත්‍යන්තරය හමුවේ  නැවත වරක් සිදු කළ අවධාරණයට අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙහෙයුම් කටයුතු, ආර්ථික කටයුතු සහ මානව සබඳතා සම්බන්ධයෙන් හටගත් බාධා මධ්‍යයේ වුවද,  ශ්‍රී ලංකා රජය සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇත.”



ශ්‍රී ලංකාවේ විවිධ රාජ්‍ය ආරක්ෂක ඒකක විසින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් මර්දනය කිරීම උත්සන්න කර ඇති බවද වාර්තාවේ දැක්වේ.

“මානව හිමිකම් රක්ෂකයන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ අතීත කෙලෙසීම්වලට ගොදුරුවූ පවුල් වලට අවුරුද්ද පුරාම අඩන්තේට්ටම් සහ තර්ජන කර ඇති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමකාමී විරෝධතා මර්දනය කර තිබේ. ත්‍රස්තවාදී විමර්ශන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ පීඩාකාරී ලෙස අධීක්ෂණයේ යෙදෙමින් සිවිල් සමාජ කණ්ඩායම් බියවද්දා, ‘ත්‍රස්තවාදයට මුදල් සැපයීම’ ට  එරෙහිව සටන් වැදීමේ මුවාවෙන් ඔවුන්ගේ ආධාර මූලාශ්‍ර සම්බන්ධයෙන් අනිසි ලෙස මැදිහත්වන,” බව HRW පවසයි.



වාර්තාවේ දැක්වෙන මර්දනකාරී කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් නොදෙන රජය තමන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සමග “නිරන්තර අන්තර්ක්‍රියා අඛණ්ඩව ක්‍රියාත්මක කරන” බව පවසයි.


“ජාත්‍යන්තර ක්‍රියාකරුවන් ගත් කල, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවල හිතෛශී බව සහ උපදෙස් ශ්‍රී ලංකා රජය බෙහෙවින් අගය කරන බව ද අපි ප්‍රකාශ කර ඇත්තෙමු. අපි ඔවුන් සමඟ අපගේ නිරන්තර අන්තර්ක්‍රියා අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාව සමඟ නිතිපතා සම්බන්ධ වන ලෙස ඔවුන් දිරිමත් කර ඇත්තෙමු.” විදේශ අමාත්‍යංශ නිවේදනය කියා සිටී.

සංවර්ධන කටයුතු සඳහා හවුල් වන ලෙස ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම්වලට ආණ්ඩුව විසින් ආරාධනා කර ඇති බවද විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් නැවත වතාවක් සිහිපත් කොට ඇත.

 

Leader Whats app


 
 

 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්