ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි දෙදරුපියකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන්

සිරුරු හන්ටින්ග්ටන් ප්‍රදේශයේ එසින්ග්ටන් විදියේ නිවසක තිබියදි සොයාගත් බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය වාර්තා කරයි.


මියගොස් ඇත්තේ 40 වියැති ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකිකයා, ඔහුගේ වයස අවුරුදු හතරක් වූ දියණිය සහ අවුරුදු හයක් වූ පුත්‍රයා බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා තමන්ගේ දරු දෙදෙනා ඝාතනය කර නිවසේ ගරාජයට ගොස් තමාගේ දිවිය තොර කරගන්නට ඇතැයි මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ කරුණු මත  විශ්වාස කරන බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

මළ සිරුරු සොයාගැනීමට දවස් දෙකෙකට පෙර කැමරාවට පිටුපස හරවා මුහුදු වෙරළේ දරුවන් සමග අත් අල්ලාගෙන ඉර බැස යාම නරඹන ඡායාරුපයක් මුහුණු පොතේ පළකර ඇත.

නත්තලට පෙර තම මුහුණු පොතේ පලකළ විනාඩි 18 වීඩියෝ වකින් ඔහු ආතතියෙන් පෙළෙන බව තහවුරු කරගෙන ඇති අතර මානසික වෛද්‍ය වරයෙක්ගෙන් ප්‍රතිකාරද ගෙන ඇත.

බටහිර ඕස්ට්‍රේලියා පොලිසියේ සහකාර කොමසාරිස්වරයෙක් වන ඇලන් ඇඩම්ස් පැවසුවේ, ''දැනට මේක මිනීමැරුම් සිදුකර කරගත් සියදිවි නසා ගැනීමක් කියා විශ්වාස කළත් අපි මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරනවා පරීක්ෂණය අවසානයේ දැනගන්න පුළුවන් වෙයි මේකට වෙන හේතුවක් තිබුනද කියලා දැනට තියෙන සාක්ෂි අනූව නම් පිට අයෙක් සම්බන්ධ වෙලා නෑ.'' කියාය.

(ලංකාදීප)

 

Leader Whats app


 

 

පොඩි බණ්ඩාරයා අප්පච්චිගේ පුතෙක්ද? | මොණරවිලගේ ලියමන

 

 

ලාල්ගේ ඇමතිකමට කට්ටියටම ඩෝං ගිහිං ! | අද ගොස්පු එක

 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්