සංවර්ධනයේ මුවාවෙන් ආණ්ඩුව කඳුකරයේ ඉඩම් කොල්ල කන බවට චෝදනා එල්ල වී තිබේ.



''පස්සර ගෝනගල වතු යායේ ගොඩනැගිල්ලක් ඉදි කරන්න බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්න ආණ්ඩුවේ ප්‍රබලයෝ ඇවිත් මුල් ගල් තියනවා. අවුරුදු 50ක් තිස්සේ ඒ වත්තේ ජීවත්වෙන වතු කම්කරුවන්ව පිටමං කරන්නයි මේ විදිහට ඉඩම් අත්පත් කරගෙන ගොඩනැගිලි හදන්නේ''යැයි කම්කරු ජාතික සංගමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසයි.

 මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිගම්බරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මේ අයුරින් අන්තනෝමතික ලෙස ඉඩම් අත්පත් කර ගන්නේ නම් අනාගතයේදී වතු ප්‍රදේශ සම්පුර්නයෙන්ම අහෝසි වී ගොස් වතු කම්කරු ජනයා මහ මගට වැටෙන බවයි.

 ගෝනගල වතු යායේ ඉදි කිරීමට එරෙහිවූ කම්කරු ජනයාට තර්ජනය කරමින්, පහර දුන් රාජපක්‍ෂ ආණ්ඩුවේ හෙන්චයියන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කළත් කිසිදු විමර්ශනයක් නොමැති බව ද කම්කරු ජාතික සංගම් නායකයා සඳහන් කරයි.

''එක් රටක් එක් නීතියක් කියා ගෙන ආණ්ඩුවට එක නීතියකුත්, ආණ්ඩු විරෝධීන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්නේ. ආණ්ඩු විරෝධියෙක් නම් පොලීසිය කියන පමාවෙන් අත්අඩංගුවට අරන්,''

 රාජ්‍ය බලය යොදා ගෙන කඳුකරයේ ඉඩම් අන්තනෝමතික ලෙස අත්පත් කර ගැනීම වහා නතර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් ආණ්ඩුවෙන් ඉල්ලයි.

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්