ශ්‍රි ලංකාවේ සිට ඉන්දියාවේ, තිරුපති තිරුමලෙයි කෝවිල වෙත ගිය පෞද්ගලික සංචාරයක් සම්බන්ධව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.


ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිදු අමිල උඩුවරගෙදර විසින් එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබු පැමිණිල්ලක් සලකා බලමිනි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දෙරා, අමිල උඩුවරගෙදර වෙත දැනුම් දී ඇත්තේ, කොමිෂන් සභාව වෙත යොමු කරන ලද 2021-12-31 දිනැති පැමිණිල්ල අධ්‍යනය කිරීමෙන් අනතුරුව, එහි සදහන් කරන ලද කරුණු සම්බන්ධව විමර්ශනයක් කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයින් සමග පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පෞද්ගලික ජෙට් යානයකින් තිරුපති සංචාරයක යෙදීම බරපතල ආන්දෝලනයට ලක්වූ පුවතක් විය.

BC 181 2022 Uduwara

සබැඳි ලිපි :

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් අන්ඩ් ට්‍රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව - ගාමිණී වියන්ගොඩ


 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්