පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ සභාපති, ඔඩ්ස්ටොක්හි ලෝඩ් ජෝනතන් මාර්ලන්ඩ්

(Jonathan Marland, Baron Marland) සාමිවරයා පසුගියදා ලංකාවට ආවා.

ඔහු මිට පෙරත් ලංකාවට ඇවිත් තියනවා. 2019 අ‌ප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඇවිත් කථානායක කරු ජයසුරියත් හමුවුනා.

මෙදා සැරේ ලංකාවට ආපු මාර්ලන්ඩ් සාමිවරයා පහුගිය 07 වෙනිදා අරලියගහ මන්දිරේදී අගමැති මහින්ද රාජපක්ෂ හමුවුනා. කතාව එක නෙමෙයි එතැනදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙච්ච මදි පුංචිකමක් ගැන.

මේ හමුවේදී අගමැතිතුමාට වෙන්කරලා තිබුනේ රාජාසනයක් වගේ අසුනක්. ජනාධිපතිතුමාට පනවලා තිබුනේ පැත්තක අසුනක්. මිට මේ රැස්වීමට අදාල ජයාරූප කීපයක් දැන් එලියට ඇවිත්. විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨයින් කියන්නේ මේ අසුන් පැනවීම රාජ්‍යතාන්ත්‍රීක සම්ප්‍රදායට මුළුමනින්ම පටහැනියි කියල.

මොකද රාජපක්ෂ පවුලේ අයියා අගමැති මහින්ද වුනාට මේ රටේ විධායක රාජ්‍ය නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. රාජ්‍යතාන්ත්‍රීක හමුවකදී රාජ්‍ය නායකයා මුල් පුටුවේ ඉන්න ඕන කියල තමයි රාජ්‍යතාන්ත්‍රීක අවබෝධයක් තියන විදේශ අමාත්‍යංශයේ සමහර නිලධාරීන් කියන්නේ.

ලෝඩ් ජෝනතන් මාර්ලන්ඩ් සාමිවරයා 08 වෙනි අඟහරුවාදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට දින වෙන්කර තිබුනත් මුදල් අමාත්‍යංශයෙන් හිටි හැටියේ ඒ රැස්වීම අවලංගු කරලා. එකට හේතු පැහැදිලි මදි. විදේශ අමාත්‍යංශයේ සමහර නිලධාරීන් කියන්නේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විදේශ රාජ්‍ය නායකයින් හමුවෙන්න හොරයි කියල.

කොහොමවුනත් ලෝඩ් ජෝනතන් මාර්ලන්ඩ් සාමිවරයා 08 වෙනිදා හිටපු අගමැතිතුමා ඇතුළු පිරිසක් කොළඹ කින්ස්බරි හෝටලේදි හමුවෙලා. හිටපු කතානායක කරු ජයසුරිය වගේම හිටපු මුදල් ඇමති රවී කරුනානායකත් ඒ රැස්වීමට ගිහින්. නිරන්ජන් දේව ආදිත්‍ය ත් (Niranjan de S Deva Aditya)
ඒ රැස්වීමේ ඉඳල තියනවා.  


dfhghtFrom left: High Commissioner Sarah Hulton, Niranjan de S Deva Aditya, Lord Marland and Prof. Jayanath Colombage 

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්