සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ ට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.



ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (15) ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බව ඊයේ (14) වාර්තා විය.

ඒ අනුව ෂෙහාන් මාලක ගමගේ ව පානදුර ප්‍රදේශයේදී CIDය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.


කාදිනල් හිමියෝ ශෙහාන් අත්අඩංගුවට ගත් ආකාරය හෙළාදකි


මේ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ, නීතිපතිවරයාගේ කාර්‍යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම බවයි.

ඒ, සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ දින හදිසියේම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

නීතිපතිවරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නමුත් එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම සිදු කෙරෙන බවට කාදිනල් හිමියන් මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළහ.

නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලන ලෝකයේ සිටින අයගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කිරීමට නොවන බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙන අවස්ථාවක පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්