1200 x 80 DMirror

දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් ගනු ලැබූ "පටු දේශපාලන තීන්දු" හේතුවෙන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ "ස්වර්ණමය අවස්ථා" කිහිපයක්ම අහිමි වූ බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ

විශාරදයෙක් පෙන්වා දෙයි.

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ විශේෂයෙන්ම 2000 වසරේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේ, මාස කිහිපයක් ඇතුළත විධායක ජනපති පදවිය අත්හැරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එකඟ වී තිබේ.

ජනාධිපතිනිය ඒ බව එවකට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාකච්ඡා මෙහෙය වූ කරු ජයසූරිය නියෝජ්‍ය නායකවරයාට දැනුම් දුන් නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ එයට එකඟ වී නැත.

"Sandeshaya by Saroj" නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ, විධායක ජනපති පදවිය අහෝසි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බවය.


හිටපු ජනාධිපති සිරිසේන, විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට සංවිධාන 43ක් සමග සම්මුතියකට අත්සන් තබා දිනකට පසුව ජාතික හෙළ උරුමය සමග ඊට හාත්පසින්ම වෙනස් සම්මුතියකට අත්සන් තැබීම ගැන බොහෝ දෙනා විශ්මය පත්වූ බවත් ඔහු සිහිපත් කරයි.



ආචාර්ය වික්‍රමරත්න පවසන පරිදි, 19 වෙනි ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේ එවකට විපක්ෂයේ සිටි නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා මෙන්ම ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් චම්පික රණවක අමාත්‍යවරයා ද විධායක ජනපති පදවිය අහෝසි කිරීමට විරෝධය පළ කළහ.

ඒ පිළිබඳව මීට ඉහතදී "Sandeshaya by Saroj" නාලිකාව විමසීමක් කළ අවස්ථාවේ චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේ, විධායක ජනපති පදවිය අහෝසි කිරීමට තමන් බාධා කළා නොව ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු පියවරකට නොයා යුතු බව හෙළ උරුමය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂයාට සහය දුන් සියලු දෙනාගේ ස්ථාවරය වූ බවය.

 

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය