දිනෙන් දින ඉහළ යන අධික ජිවන වියදම හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී සිටින යුද පීඩිත උතුරු පළාතේ පෙර පාසල් ගුරුවරියන් සිය මාසික

දීමනාව ඉහළ දමන ලෙස බලකරමින් ස්ථාන කිහිපයකදී විරෝධතා දියත් කර තිබේ.

 ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදී තිබුන පෙබරවාරි 21 වැනිදා යාපනය, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ස්ථාන හතරක විරෝධතා පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 දරාගත නොහැකි ජීවන වියදමට යම් පමණක සහන සැලසීමක් ලෙස රජයේ සේවකයන්ට රුපියල් පන්දහසේ මාසික දීමනාවක් ලබා දීමට රජය කටයුතු කළද  තමන්ට එවැනි කිසිදු සහනයක් නොලැබෙන බව අවධාරණය කරන පෙර පාසල් ගුරුවරියන් පෙන්වා දෙන්නේ තමන්ට ආදායමක් ලෙස මාසිකව ලැබෙන රුපියල් 6000 ක දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.


පෙර පාසල් ගුරුවරියන් ලෙස දිර්ඝ කාලයක් සේවය කර තිබුනත් තමන්ට ස්ථිර පත්වීමකට හිමිකම් නොකියන බව පෙන්වා දෙන ඔවුන් පළාත් බලධාරීන්ගෙන්  ඉල්ලා සිටින්නේ තමන් රාජ්‍ය සේවයට බදවා ගෙන ස්ථිර පත්වීම් ලබා දී වැටුප ඉහළ දැමීමට කටයුතු කරන ලෙසයි. මේ වන විට තමන්ට මාසිකව ලැබෙන රුපියල් 6000 දීමනාව අවම වශයෙන් රුපියල් 13000 දක්වා හෝ ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටි.



යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පෙරවරුවේ සිය ඉල්ලීම් ඇතුලත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දියත් කළ සිය ගණනක් වු පෙර පාසල් ගුරුවරියන් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ද භාර දීමට කටයුතු කර තිබුනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද විරෝධතාවයට සහාය පළ කරන අයුරු පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.

 සිය ගැටළු වලට විසදුම් ඉල්ලා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී ද විරෝධතාවය දියත් කළ පෙර පාසල් ගුරුවරියන් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට සන්දේශයක් භාර දීමට සුදානම් වු මොහොතේ එම කාර්යාලයේ නියෝජිතයෙක් ඔවුනට දැනුම් දී ඇත්තේ ආණ්ඩුකාරවරයා රාජකාරි කටයුත්තක් සඳහා වව්නියාවට ගොස්  සිටින බවයි.

 ස්ථිර පත්වීම් සහ වැටුප් වැඩිවීමක් ඉල්ලා වව්නියාව සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ද පෙර පාසල් ගුරුවරියන් එකසිය විස්සකට අධික ප්‍රමාණයක් විරෝධතාවයක් දියත් කර තිබු අතර සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශය උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා වෙත ලබා දීමට ඔවුනට  හැකි වු බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් සදහන් කරති.

 ඉහත ඉල්ලීම් පාදක කරගනිමින් මුලතිව් මුහුදුබඩපත්තු අධ්‍යාපන කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන්ද ඊයේ විරෝධතාවය දියත් කර තිබුනේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීය.

 සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් වෙත භාර දීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබෙන අතර ඔහු පොරොන්දු වී ඇත්තේ ගැටළුවට විසදුම් ලබා දීම වෙනුවෙන් තමන් මැදිහත් වන බවයි.

 ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිපදෙනකු සහ  ආගමික නායකයන්ද පෙර පාසල් ගුරුවරියන්ගේ විරෝධතාවයට සහාය දැක්වු බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් සදහන් කරති.

1 A2 A3 A4 A5 A7 A

 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්