ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය. වකුගඩු ආබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා අභාවප්‍රාප්ත වී ඇත.

මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් කළ ඔහු ‘ගීතා‘, ‘සරසි‘ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි‘ ‘පති-පතිනි‘ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් විය.

එසේම, චිත්‍රපට කලාවෙහි ද නිරතවූ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාර ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද සේවය කළේය. 

මුද්‍රිත පුවත්පත රූපවාහිනිය වෙත ගෙන යමින් රූපවාහිනී පත්තර වැඩසටහන මුලින්ම හඳුන්වා දුන් එතුමා මුල් පිටුව සහ ලෝක සිතියම යන වැඩසටහන් තුළින් විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගත්තේය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නැත.

 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්