theleaderlk 01

මේ ආණ්ඩුවෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පවතින දේශපාලන රාමුව තුළ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි කිසිඳු

විශ්වාසයක් නොමැති නිසා යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සිරිල් ගාමිණී පියතුමන් බීබීසීයට පැවසුවේය.

යුක්තිය දිනා ගැනීම කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවන බවත් එය රටේ අනාගතයට, අනාගත දේශපාලන සංස්කෘතියට මෙන්ම ජාතියේ ආරක්ෂාවට බලපාන කාරණයක් බැවින් එම වගකීම කතෝලික සභාව ඉටු කරන බව පියතුමා තවදුරටත් අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු ගැන කතෝලික සභාවේ මතය ගැන බීබීසීය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීමේ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සමග කළ සංවාදයකදී පියතුමා මෙම අදහස් පළ කළේය.




(BBC සිංහල සේවය )

 
 

Leader Whats app

  

 

 

නවතම පුවත්