මෙරට සංචාරය සඳහා පැමිණ සිටින යුක්රේන සංචාරකයින්ගේ මානසිකත්ව තේරුම්ගෙන, පුළුවන් තරම් හොඳින් ඔවුන්ව රැකබලා ගන්නැයි රුසියාවේ

හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

වසංගත තත්ත්වයක් තුල මුළුමනින්ම කඩා වැටුන මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකරන උදයංග, මෙරටට යුක්රේන් සංචාරකයින් ගෙන ඒමේ නියමු කාර්ය භාරයක් ඉටු කරයි.

මාස දෙක තුනක පමණ කාලයක දිගු කාලීන නිවාඩු සඳහා යුක්රේන සංචාරකයන් තුන් දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රි  ලංකාව තුළට පැමිණ සිටින බවත් ඔවුන් ගෙන් බොහෝ දෙනකුට යුද්ධය හේතුවෙන් තම නිවාස දේපළවලට හානි සිදුව ඇති බවත් උදයංග වීරතුංග පවසයි.

තමන් මේ දිනවල ඔවුන් සමඟ සමීපව සම්බන්ධ වන බවත් ඔවුන් තම නිවාස දේපළ ඥාතීන්, අසල්වැසියන්ට සිදුවූ විපත් පිළිබඳව එරටින් එවන ඡායාරූප තමාටද පෙන්වමින් කම්පනයකින් යුතුව පසුවන බවත් 'ලංකාසර' කළ විමසුමකදී ඔහු සඳහන් කර තිබේ.

දැනට හාර දහසකට වැඩි යුක්රේන සංචාරකයන් පිරිසක් ශ්‍රි ලංකාව තුළ ගත කරන අතර ඔවුන්ගෙන් දහසකට ආසන්න පිරිසක් තම නිවාඩුව අවසන් කර ආපසු යුක්රේනය බලා යාමට සැලසුම් කර සිටියදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළ අතර මේවනවිට යුක්රේනයේ  බරපතල යුදමය තත්ත්වයක් පවතී.

මෙම පිරිසෙන්ද කොටසක් තමන්ට ආපසු යාමට හැකියාව ලැබෙන තුරු මෙරට තුළ රැඳි සිටිනු ඇති බවත් ඉක්මනින් යාමට අවශ්‍ය පුද්ගලයන් පෝලන්තය හෝ රුමේනියාව හරහා යුක්රේනය වෙත යැවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් උදයංග පවසයි.

 


''පසුගිය කාලය තුළ යුක්රේනයෙන් විශාල සංචාරක පිරිසක් පැමිණියා. කොවිඩ් වසංගයෙන් පසුව මෙරටට  පැමිණි සංචාරකයන්ගෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් යුක්රේන සහ රුසියානු සංචාරකයන්. මේ අතරින් දැඩි අවධානයක් යොමුවෙලා තිබෙන යුකරේනයෙන් පැමිණි සංචාරකයන් හාර දහසක් පමණ මේ රට තුළ දැනට සිටිනවා. ඔවුන් බහුතරය ශීත සෘතුව අවසන් වන තුරු ශ්‍රි ලංකාව තුළ රැඳී සිටීමට පූර්ව සැලසුම් සහිතව පැමිණි අය.

ඔවුන් ඇත්තට තම නිවාඩුව ගත කරන්නේ  ලොකු ලොකු හෝටල්වල විතරක් නෙවෙයි. පොඩි හෝටල්, සංචාරක නිවාස වගේ තැන්වල ඔවුන් ගත කරනවා. ඔවුන් ගමේ අහාර ගන්නවා. තැඹිලි ගෙඩියක් පලතුරු ටිකක් ගන්නවා. එයින් ලොකු සමාගම්වලට වඩා ගමට පොඩි ප්‍රමාණයකින් හෝ ආදායමක් ගේන අය. ඉදිරියේදී අපට ඔවුන්ගේ පැමිණීම් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මේවනවිට  පැමිණ සිටින අය සම්බන්ධයෙන් රජයත් පෞද්ගලිකව මමත් සොයා බලනවා.

මම මේ මොහොතේ ඉන්නේ යුක්රේන සංචාරකයන් රැඳි සිටින හෝටලයක. ඔවුන් කිහිප දෙනෙක්ම මට පෙන්නුවා තම ගම්බිම්වල උදවිය එවපු ඡායාරූප . සමහර අයගේ නිවාස විනාශ වෙලා. දේපළ විනාශ වෙලා. ඔවුන් හැදී වැඩුණු දෙමාපියන් හිටිය ගම්වල, ළඟම ඥාතීන් සිටි තැන්වල ප්‍රහාර එල්ලවෙලා. සමහර සමීපතයින් ගැන තොරතුරක් නෑ. එවැනි තත්ත්වයකයි ඔවුන් සිටින්නේ. එය ඔවුන්ට දැරා ගැනීමට අපහසු තරම් වේදනාකාරී අත්දැකීමක්.“

අප ඔවුන්ට හැකි උපරිම සත්කාර කළ යුතුයි. ඔවුන්ගේ මානසික තත්ත්වය වටහා ගත යුතුයි. මේ බොහෝ අයට ආර්ථික ප්‍රශ්න නෑ. ඔවුන් සංචාරය සැලසුම් කරල ඇවිත් ඉන්නේ. නමුත් තමන් ගේ සැලසුම් කළ සංචාරය අවසන් කළ අය සම්බන්ධයෙන් අපට විශේෂයෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. ඔවුන් ශ්‍රි ලංකාවේ රැඳී සිටින කාලය තුළ ආරක්ෂිතව සිටීමට කාමරයක් ලබා දීම, ඔවුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් ඔවුන් යන තෙක් ලබා දීමට සම්බන්ධයෙන් අප කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයත් සංචාරක සංවර්ධන අධිකාරියත් ආදළ කටයුතු කරනවා. ඔවුන් හැකි ඉක්මනින් පෝලන්තය හෝ රුමේනියාව හරහා ආපසු යැවීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා.

විශේෂයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සේවා ආයතන දෙකක් සමග අප මේ ගැන සාකච්ඡා කරමින්  අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වනවා. රජය මෙම සංචාරකයන් පිළිබඳව ගන්නා පියවර පිළිබඳව හෙට සඳුදා දිනයේදී තීරණයක් ගනිවි '' යයිද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ සිටින යුක්රේනුවන් යුද්ධයට එරෙහිව උද්ඝෝෂණ :


මේවනවිට මෙරට රැඳී සිටින යුක්රේනුවන් යුද්ධය නවත්වන්නැයි රුසියානු රජයට බලකරමින් මෙරට තැනින් තැන උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ.

එවැනි යුක්රේනුවන් පිරිසක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද උද්ඝෝෂණය කළේය.

එසේම, දකුණු ප්‍රදේශයේ රැඳී සිටින යුක්රේනුවන් පිරිසක් ගාලු කොටුපවුරේ ද විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

 

PHOTO 2022 02 28 09 36 38PHOTO 2022 02 28 09 37 04PHOTO 2022 02 28 09 37 05PHOTO 2022 02 28 09 37 05 1PHOTO 2022 02 28 09 37 06PHOTO 2022 02 28 09 37 06 1

යුද්ධයට එරෙහිව පෙනී සිටිමු !


රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණයට එරෙහිව මෙරට සමාජ ක්‍රියාකාරීන් ද විවිධාකාරයේ විරෝධතා සංවිධානය කර තිබේ.

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන නදී වාසලමුදලි ආරච්චි සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.

NDds

Press Release Peaceful protest against Russian aggression page 0001

(උපුටා ගැනීම් -lankasara.com)

 

Leader Whats app

  

 

 




 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා