හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ උපන්දිනය අදට (මාර්තු 07) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් අද දිනයේ අනුරාධපුරයේදී

විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කර තිබේ.

තම සොයුරු බැසිල් රාජපක්ෂගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් පසුගියදා විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබිය.

ඒ අනුව විමල් විරවංශ හා උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වහාම තමන් බාරයේ තිබු නිල වාහන බාරදී තිබේ.

ඕනෑම අමත්‍යවරයකුට සිය අමාත්‍ය ධුරය අහිමි වුවද මාස 3ක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසරයක් තිබුන ද විමල් විරවංශ පසුගිය සති අන්තයේ සිය නිල නිවසේ තිබු තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කර ගෙන ඇති අතර එම නිල නිවාස අද බාරදීමට කටයුතු යොදා තිබේ. උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා ද මේ සතිය තුළ දී සිය නිල නිවාස බාරදීමට තීන්දුකර තිබේ.

රාජපක්ෂවරුන් විසින් මංගල සමරවීර අමාත්‍ය ධුරයෙන් නෙරපූ අවස්ථාවේදී ඔහුද පැය 24ක් තුලදී සිය නිල නිවාස බාරදී පෞද්ගලික නිවසකට ගොස් තිබිණ.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින්  ඉවත්කල වහාම ඔවුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබු පොලිස් ආරක්ෂකයින් දෙදෙනෙකු හැර අනෙකුත් ප්‍රභූ ආරක්ෂකයින් වහාම කැඳවීමට කරයුතු කර තිබිණ. එහෙත් පසුව ඔවුන් යලි අනුයුක්ත කර තිබේ.

 

 



 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්