වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද

ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ මුදල් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බවද ඔහු පැවැසුවේය.

ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.


'' අස්වෙන්නේ නැ .. අස්කරන්න '' - වාසු කියයි


බැසිල් රාජපක්ෂගේ දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා විසින්  පසුගිය 03දා විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබිය.

කෙසේවුවද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොව වාසුදේව නානායක්කාර, විමල් හා ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් නෙරපීමට විරෝධය පළකරමින් අමාත්‍යංශ රාජකාරිවලින් බැහැරව සිටින අතර කැබිනට් මණ්ඩල රැස්වීම්ද වර්ජනය කර තිබේ.

ඒ අතර ඔහු සිය නිල වාහන අමාත්‍යංශය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති අතර නිල නිවසද මේ සතිය තුලදී බාරදීමට කටයුතු යොදා ඇත.

වාසුදේව පවසන්නේ තමා ඉල්ලා අස්නොවන බවත් විමල් හා ගම්මන්පිල ඉවත්කළ ලෙස ඉවත් කරන ලෙසත්ය.


(මුලාශ්‍රය - aruna.lk)

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්