වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දිනෙක වැටුප ලබා දීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව සමාගම් උසාවි ගිය නිසා තීන්දුවක් ලැබෙන තෙක් කිසිවක් කළ නොහැකි බවට කම්කරු ඇමැති ප්‍රකාශ කර තිබේ.


''ආණ්ඩුව පඩි පාලක සභාව හරහා වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් දහස ලබා දුන්නත්, අද එය  වතු සමාගම් විසින් උසාවිය හමුවේ අභියෝගයට ලක් කර තියෙන නිසා, එම අධිකරණ කාර්ය අවසන් වන තෙක් වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන නීති රීති ගෙන ඒමට නීතියෙන් ඉඩක් නැහැ,'' යැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

 කම්කරුවන්ගේ වැටුප් හා අනෙකුත් සුබ සාධන තීරණය කෙරෙන වතු සමාගම් හා වෘත්තීය සමිති අතර ඇති කරගන්නා සාමුහික ගිවිසුම යළි අත්සන් කිරීමට බලපෑම් කරන ලෙසත්, වැඩි කරනු ලැබූ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස ලබා දෙන ලෙසත් ඉල්ලා කොළඹ කම්කරු මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ  ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ හා රතු කොඩි වෘත්තීය සංගමයේ නියෝජිතයන් සමඟ කම්කරු අමාත්‍යවරයා පෙරේදා [9] සාකච්ජා කළේය.



රුපියල් දහසේ වැටුප ලබා දීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව උසාවි ගිය වතු සමාගම් හමුවේ අසරණවී සිටින කම්කරු ඇමතිවරයා මෙහිදී චෝදනා කරනු ලැබුවේ වතු කම්කරුවන් පිඩාවට පත් වන්නේ වෘත්තීය සමිති අසමගිය නිසා බවයි.



''වතු කම්කරුවන්ගේ සුබ සිද්ධිය පතන ඕනෑම  වෘත්තිය සමිතියක්, වතු කම්කරුවන් වෙනුවෙන් එක මතයකට පැමිණිය යුතුයි.''

කොළඹ කම්කරු මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්තු 7 වැනිදා ආරම්භ වූ සත්‍යග්‍රහය ව්‍යාපාරයට සමගාමීව රතු කොඩි කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයක් විසින් මාර්තු 8 වැනිදාට යෙදෙන කාන්තා දිනය ඉල්ලක්ක කරගනිමින් එම ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

''පසුගිය වසර  දහය  තුළ, ආණ්ඩුවේද සහාය ඇතිව පෞද්ගලික සමාගම් විසින් මෙම අංශය අවිධිමත් කරමින්, කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් අනතුරේ හෙළීමට උත්සාහ කළේය. මෙම තත්වය ඇති කිරීමට නිදහසට කරුණක් ලෙස කෝවිඩ් 19 වසංගතය ද භාවිත කළේය. දශක ගණනාවකට පසු වැටුප් වැඩි කිරීමක් ලද වතු කම්කරුවන්ව තවදුරටත් කොන් කිරීමටත්, ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමටත් හාම්පුතුන්ගේ සම්මේලනය විසින් සිදුකරන්නට විණි. සමස්ත වතු කම්කරු ප්‍රජාවම තවදුරටත් දරිද්‍රතාවයට තල්ලු කරන ලදී,'' යි රතු කොඩි කාන්තා ව්‍යාපාරයේ සරලාඑමානුවෙල් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.

lng 6lng 2lng 3lng 5

lng 1

 

 

Leader Whats app

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්