දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හමුවේ ඛනිජ වැලි කැනීම් නවතා දමා යන්ත්‍ර සුත්‍ර ද රැගෙන මන්නාරම් දුපතෙන් පිටව යාමට විදේශීය සමාගමක් තීරණය කර තිබේ.



''අපි වැලි හාරන්නේ ජනතාවගේ ආරක්ෂාවට බාධා එල්ලවන අයුරින් නොවේ. අදාල අණ පනත් වලට එකඟව වැඩ කරන්නේ. ජනතාවගේ විරෝධය එල්ල වේ නම් අපි වැලි හෑරීම නවතා දමා යන්ත්‍ර සුත්‍ර ද රැගෙන දුපතෙන් පිටවෙලා යනවා,'' යි මන්නාරමේ ඛනිජ වැලි පර්යේෂණයේ හා කැනීම් වල නිරතව සිටී 'ටයිටේනියම් සෑන්ඩ්' නම් ඕස්ට්‍රේලියානු සමාගමේ ලංකා නියෝජිතයකු වූ එස්.චාලිය පවසයි.

ඛනිජ වැලි පර්යේෂණ හා කැනීම් නිසා මන්නාරම් දුපතේ ජන ජිවිතයට හා පරිසරයට වන බලපෑම ගැන සාකච්ජා කිරීමට මන්නාරම් පුරවැසි කමිටුව විසින් නගර සභා ශ්‍රවනාගාරයට ඉකුත්දා කැඳවා තිබු රැස්වීමකට සහභාගිවූ ඕස්ට්‍රේලියානු සමාගමේ මෙරට නියෝජිතයා මේ බව කියා සිටියේ රැස්ව සිටිය වුන්ගේ අත් පොළසන් මැදය.


යනවා නම් ඉක්මනට යන්න

පරිසර, මානව හිමිකම්, ධීවර, ගොවි හා ගැමි සංවිධාන ක්‍රියාධරයන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන වල නියෝජිතයන් ඇතුළු මන්නාරම් පුරවැසි කමිටුව එකහෙලා කියා සිටියේ එම තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.



දූපතේ මහා පරිමාණයෙන් වැලි කැණීම් සිදු කිරීම නිසා සැලකිය යුතු ලෙස ලවණ ජලය කාන්දු වීමෙන් පානීය ජලය අපවිත්‍ර වීම, ධීවර කර්මාන්තයෙන් සහ අනෙකුත් ප්‍රාථමික කර්මාන්තවලින් ජීවනෝපාය සරි කරගන්නා දස දහස් සංඛ්‍යාත දුපත්වාසීන්ගේ ජීවිතවලට බාධා පැමිණෙන බව මන්නාරම පරිසරය සුරැකීමේ සංවිධානය පෙන්වා දී තිබේ.




''සාම්ප්‍රදායික ධීවර බිම් හා ජීවනෝපාය විනාශ වීම, ළිං සහ භූගත ජලයේ ලවණතාව වැඩි වීම, පැරණි තල් වනාන්තර විනාශ වීම, සංක්‍රමණික පක්ෂීන්ගේ වාසස්ථාන විනාශ වීම, සංචාරක කර්මාන්තයට වන හානිය වැනි සමාජ, පාරිසරික හා ආර්ථික ප්‍රතිවිපාක බොහොමයි.ඒ වගේම මන්නාරමේ  ඓතිහාසික ස්ථානවලටත්  මේ මගින් හානි ගේනවා,'' යැයි මන්නාරම් පුරවැසි කමිටුවේ ප්‍රධානි ඒ.ඥාණප්‍රකාශම් පියතුමා පැවසීය.



මන්නාරම දූපත ආශ්‍රිත ප්‍රදේශයේ වැල්ලේ ඉල්මනයිට්, රූටයිල්, ගානට් සහ සර්කන් වැනි ඛනිජ අඩංගු ටොන් මිලියන 265 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට  ඕස්ට්‍රේලියානු ටයිටේනියම් සෑන්ඩ් සමාගම (TSL) පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබේ. ගුවන් යානා සහ තීන්ත නිෂ්පාදන ඇතුළු කර්මාන්ත ගණනාවක එම ඛනිජ වර්ග යොදාගනු ලැබේ. 

 

 පුද්ගලික ඉඩම් හිමියන්ගේ අවසරයකින් තොරව වැලි ගවේෂණාත්මක වලවල් 4000 කට වැඩි ප්‍රමාණයක් සමාගම විසින් හෑරූ බවත්, ඇතැම් වලවල් මීටර් 12 ක් තරම් ගැඹුරු බවද පුරවැසි කමිටු රැස්වීමේදී ප්‍රකාශවිණි.

කෙසේ වෙතත්, TSL සමාගම ප්‍රකාශ කරන පරිදි මන්නාරමේ වැලි කැනීම සඳහා දී ඇති බලපත්‍රය 2021 මැයි 4 සිට තවත් වර්ෂ දෙකකට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දීර්ඝ කර ඇත. එම බලපත්‍රය හිමිව ඇත්තේ TSL සමාගමේ මන්නාරම් දූපතේ බැර ඛනිජ වැලි ව්‍යාපෘතියේ හවුල්කාර කිල්සයිත් එක්ස්ප්ලෝරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් නම් ශ්‍රී ලාංකික සමාගමටය.

දැනටමත් 63% ක භුමි ප්‍රමාණයක් මුහුදු මට්ටමින් පහතට ගිලා බැස ඇති මන්නාරම් දූපතේ වැලි කැනීම් නතර නොකළොත් සමස්ත භුමියම විනාශ මුඛයට ගොස් පරිසරයට සිදුවන හානිය නැවත ගොඩගත නොහැකි බවට අනතුරු අඟවන මන්නාරම පරිසරය සුරකිමු සංවිධානය එය අත් හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලකිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර දායකත්වයෙන් පෙත්සමක් දියත් කර තිබේ.

Stop planned sand mining that threatens Mannar Island's fragile eco-system
 
ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම විසින් ජන ජීවිතය සහ පරිසරය අවදානමේ හෙලමින් මන්නාරම් දූපතේ වැලි කැනීම ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේත් ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.

''මෙවැනි විනාශකාරී ව්‍යාපෘති ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අපකීර්තියට පත් කරන බැවින් මෙය ඉදිරියට ගෙන නොයන ලෙස ටයිටේනියම් සෑන්ඩ්ස් වෙත බලපෑම් කළ යුතුයි,'' යනුවෙන් සෙනෙට් සභික ජැනට් රයිස් 2020 නොවැම්බර් 12 වැනි දින ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

sand333rtr

sand333

 

 

Leader Whats app

 

 

 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්