රජය සිසුන් සඳහා නොමිලේ ලබා දෙන 'සුරක්ෂා සිසු රක්ෂණාවරණය' මේ වන විට එම දරුවන්ට නොලැබීමේ තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.



යහපාලන රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම 'සුරක්ෂා රක්ෂණාවරණය' ආරම්භවිය.

ඒ අනුව පළමු වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන පාසල් ළමුන් ලක්ෂ 45කට මෙම සුරක්ෂා රක්ෂණාවරණය හිමිවී තිබුණත් මේ වන විට එය අහිමි වීමේ තත්වයක් උදා වී තිබේ.

 වාර්තාවන තොරතුරු වලට අනුව 2021 වර්ෂයේ ද රක්ෂණ ආවරණය බලාත්මකව පැවති කාල වකවානුවේ ද රක්ෂණ හිමිකම් ලැබූ පාසල් ළමුන් හත්දහසකට වැඩි ප්‍රමාණයකට වන්දි ගෙවා නැති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

 

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සමග 2021 වසරේ සුරක්ෂා රක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශය ගිවිසුම්ගතව සිටියද එය එම වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී ඇත.

 

2022 වර්ෂයේ මාස දෙකහමාරක කාලයක් ගත වී ඇතත් අධ්‍යාපන අමාත්‍යංශය සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් කිසිදු රක්ෂණ සමාගමක් සමග ගිවිසුම්ගතවී නොමැති බව වාර්තා වේ.


 එම තත්ත්වය මත ළමුන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය නොලැබීමේ අවදානමකට පත්ව ඇත.

ලක්ෂ 45ක් පමණ වන පාසල් ළමුන් වෙනුවෙන් රුපියල් මිලියන 1600 සිට 1750 දක්වා මුදලක් මෙම රක්ෂණාවරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙන්කර තිබිණ.

 දරුවෙක් රෝහල් ගත වීමකදී, බාහිර ප්‍රතිකාර, පාමසි බිල්, ශ්‍රවණාබාධ, දෘශ්‍ය ආබාධ, උපකරණ ලබා ගැනීම හා  පරීක්ෂාවන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් මේ යටතේ දරුවන්ට හිමි ව තිබිණ.

මීට අමතරව මව හෝ පියා මිය ගියහොත් රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට ද එම රක්ෂණාවරණයෙන් ලබාදී තිබිණ.

මෙම කාරණය සම්බන්ධයෙන් කරුණු කාරනා රැසක් දර්ශන හදුන්ගොඩ විසින් SL Deshaya නාලිකාව තුළින් අනාවරණය කර සිටියේ මෙසේය.
 
 



සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්