අන්තර්ජාලය (ඉන්ටෙර්නෙට්) සහ "ලෝක ව්‍යාප්ත ජාලය" (වර්ල්ඩ් වයිඩ් වෙබ්) යනු විවෘත මධ්‍යයකි. එය කිසිදු අටවාගත් සංවිධාන ආයතන විසින් නියාමනය නොවිය යුත්තේය.


භාවිතා කරන්නන්ට අවැසි ලෙස නියාමනය කල හැකි දියුණු ක්‍රම වලින් යුත් මෙම මාධ්‍ය නියාමනය කිරීමට අර අඳින ආයතන සහ රජයන්/පාලකයන් ගැන සෙවිල්ලෙන් සිටීම අන්තර්ජාල පරිශීලක ඔබගේ වගකීමකි.

''ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත සේවාවක් - SafeWebLK ඇරඹෙයි''  'ද ලීඩර්' හි පලවී ඇති  ලිපියේ දැක්වෙන කරුණු අනුව, SafewebLK නමින් දියත් කර ඇති වැඩසටහනකට රජය පාර්ශවයෙන් අලි සබ්‍රි සහ ඩලස් වැනි රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය මාධ්‍ය සීරු මාරු කරන්නන් සම්භන්ද කරගැනීම, ඔවුන්ගේ ආශීර්වාදයෙන් ක්‍රියාත්මක වීම මෙන්ම මේ වැඩසටහන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාරණය ගැන මත භේදාත්මක කැරැට්ටුවක් ඇති රටක් වන සිංගප්පුරුවේ පිටුවා ඇති ආයතනයක් වන AICASIA.org ආයතනයද සම්භන්ද වෙනවා. SafewebLK වැඩසටහන Factum.lk නමැති දේශීය ආයතනයක් මගින් සංවිධානය වන බවක් පෙනෙන්නට තිබෙනවා.



සිංගපුරු AICASIA.org ආයතනය නොයෙකුත් ප්‍රසිද්ධ සමාජ-මාධ්‍ය-ජාලයන් සමග කටයුතු කරන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙන අතර, Factum.lk ආයතනය අදේශපාලනික මැදිහත් ආයතනයක් ලෙස සමාජ දේශපාලන සහ අන්තර්ජාතික සම්බන්ධතා අංශවල කටයුතු කරන ආයතනයක් ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.



මෙය මතුපිටින් ලස්සන ලෙස පෙනුනත් නිදහස් මත දැක්වීම් අවකාශයේ බියකරු ආරම්භයක් වෙන්න පුළුවන් ඉඩ වැඩි බව මගේ අදහසයි. රාජ්‍ය විසින් නිදහස් මත දැක්වීම් සීමා කර ඇති හෝ ඒ උත්සාහයන් දරන රටවල් තුල/ආශ්‍රිතව AICASIA.org කටයුතු කරන බවක් පෙනෙන්න තිබීමත් විශේෂ කාරණයක් හැටියට මා දකිනවා.



කරුණු එසේ වුවත්, යම් සමාජ ධනාත්මක මැදිහත්වීම් කිරීමට මේවැනි වැඩසටහනක සත්‍ය අවශ්‍යතාවය වෙන්නත් පුළුවන්. නමුත් තාක්ෂණික දැනුමක් නොමැතිව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම හරහා විය හැකි සමාජ හානිය ඊට බෙහෙවින් වැඩියි.

එය තහවුරු කරගැනීමට බාහිර නිරීක්ෂකයකු ලෙස මෙම වැඩසටහනට සම්බන්ධවීමට මා උත්සහ කරනවා. ඔබත් මේ අංශයේ උනන්දුව ඇත්තෙක් නම් හෝ ගවේෂණශීලි මාධ්‍ය කරුවෙක්නම් හෝ අන්තරජාල ඉංජිනේරුවෙක් නම් මෙවැනි වැඩසටහන් ගැන අවධානයෙන් සිටීමත් ඒ කටයුතු පොදු සමාජයට වාර්තා කිරීමටත් උත්සහ කරන්න. ඒක ඔබේ වෘත්තීය වගකීමක් වෙන්න පුළුවන්!


viraje 2022.03.18 1

කිසිදු ආකාරයක නියාමනයකට අන්තර්ජාලය හෝ ඒ මත දිවෙන තොරතුරු ජාලය යටත්/ලක් කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින සහ අරගල කරන ලක්‍ෂ සංක්‍යාත අන්තර්ජාල පරිශීලකයන් අතරට ඔබත් එක්වන්න.


පසු සටහන :
'ද ලීඩර්'  ලිපියේ ජයාරූප වලට අනුව නාලක ගුණවර්ධන, රොහාන් සමරජීව වැනි මාධ්‍ය නිදහස සහ තාක්ෂණ භාවිතය ගැන පුළුල් ලෙස දැනුවත් මෙන්ම ක්‍රියාකාරී පිරිසක් සහභාගිවී සිටීම හොඳ තත්වයක්. නමුත් ඔවුන්ගේ මැදිහත්වීම ගැන වැඩි දුර කරුණු ගැන දැනුවත් කර නැහැ. මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් දැනගැනීමට අපට හැකි වනු ඇත.

wiraje kalinga


(විරාජ් කාලිංග )
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(Viraj Kalinga ගේ ෆේස්බුක් පිටුවෙන්..)



සබැඳි පුවත:
ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත සේවාවක් - SafeWebLK ඇරඹෙයි


The Leader TV අද වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්