මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සම්පාදනය කර තිබෙන

නිර්දේශ ඇතුළත් පිටු 95ක් වූ සවිස්තර වාර්තාව වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව යැයි සඳහන් කරමින් එක් පිටුවක නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මෙම නිවේදනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇතිනිර්දේශ පිළිබඳව සැබෑ තොරතුරු කිසිවක් හෙළදරව් කර නැත. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට (Article IV) අදාල වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් දැක්වීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් සමඟ සාකච්ඡා පැවැත්වීම,

ආ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිළි කිරීම් ඉල්ලා සිටීම,

ඇ) හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළකිරීම,

ඈ) විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම,

ඉ) හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම,

ඊ) ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම, සහ

උ) අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම.


මේ අතර, රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමඟ අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව, මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇත.

තවද, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටී.

Published Date:
Saturday, March 26, 2022



සබැඳි පුවත් :

බැසිල් දෙන්න බැ කියපු IMF වාර්තාව එලියට : 'දේශපාලනඥයින් නිරුවත් කිරීමක්'

 

 


 


Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්