රජය සතු ලිට්රෝ ගෑස් සමාගම මේවනවිට කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු ලබමින් තිබියදී එහි සේවකයින්ට බෝනස් ලබාදීමට එහි පාලනාධිකාරිය තීරණය

කර ඇතැයි වාර්තාවේ.

ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව යමින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩිනොකර ඒකාකාරව පවත්වාගෙන යාම නිසා ලිට්රෝ සමාගම පසුගිය වසරේ (2021) ජනවාරි සිට දෙසැම්බර් දක්වා කැලැන්ඩර් වර්ෂය තුළ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 11ක් ලෙස වාර්තාවේ. එසේම මේ වසරේ (2022) පසුගිය ජනවාරියේ සිට මේ දක්වා පාඩුව රුපියල් බිලියන 2.2 ක් බව ගණන් බලා තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක් වාර්ෂිකව බෝනස් ලබාදෙන්නේ එම ආයතනය ලැබූ ලාභයෙනි.

එහෙත් ලිට්රෝ ආයතනය පසුගිය කාලයේ පාඩු පිට පාඩු ලබා තිබියදී සැම සේවකයකුටම මාස එකහමාරක වැටුපට සමාන මුදලක් අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසය මුලදී ලබාදීමට තීන්දුකර තිබු අතර ඒ සඳහා රුපියල් මිලියන 280 කට අසන්න මුදලක් වැයවෙතැයි ගණන් බලා තිබිණ.

කෙසේවුවද, පසුව ඉහළ පාර්ශවයක යෝජනාවක් මත අධික වැටුප් ලබන අභ්‍යන්තර කලමනාකරන මණ්ඩලයට බෝනස් දීමනා ලබා නොදීමටත්, පහළ ශ්‍රේණියන්හි වැටුප් ලබන සේවකයින් සඳහා පමණක් එම බෝනස් දීමනාව ලබාදීමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත ලැබී තිබේ.

ලිට්රෝ ආයතනය මහා භාණ්ඩාගාරය සතු සමාගමකි. එසේවුවද ලිට්රෝ පාලනාධිකාරිය මෙම බෝනස් ගෙවීමේ තීරණය ගෙන ඇත්තේ, මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛනවලට පරිබාහිරව බව පැවසේ.





The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්