The Leader News
BREAKING
Top Ad
පුවත්

මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා

T

The Leader Desk

January 3, 2026 • 2:28 PM

 මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලෙස ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනද තිබෙන බවත් ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
  • පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
  • ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


F ෆෙරාරි, රෝල්ස් රොයිස් , පෝෂ් සහ ලැම්බෝගිනි වාහනත් ඒ අතර

F සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක්

වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒවා බවත් ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එලෙස ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනද තිබෙන බවත් ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ. එලෙස ගෙන්වූ වාහන අතර ෆෙරාරි, රෝල්ස් රොයිස් , පෝෂ් සහ ලැම්බෝගිනි වාහනද තිබෙන බව එම වාර්තාව පෙන්වා දුන්නේය.

පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 කි.

( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා | The Leader