වුවත් මේ වන විට වත්මන් ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජිවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට මුල පුරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සෑම වේදිකාවකම පාහේ වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත් මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් මොවුන් ලැබූ ජන වරම අද පාවා දෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි පාරිභෝගිකයා අන්ත අසරණ කරල
එදා දශලක්ෂ ගණනින්මෙරට ජනතාව වත්මන් ආණ්ඩුව පත් කර ගත්තේ විදුලි බිල අඩු කරනවා යැයි කියූ නිසා බවත් ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රසිද්ධියේම මේ බව ප්‍රකාශ කර සිටියත් අද ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් ආණ්ඩුව මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවත් විදුලි පාරිභෝගිකයන්ට දුන් බලාපොරොත්තු හා ඒ හරහා ලබා ගත් ජනවරම සහමුලින්ම උල්ලංඝනය කර ඇති බවත් බොරුව රැවටිල්ල මුසාව මුලාව පොරොන්දු කඩ කිරිම තුළ විදුලි පාරිභෝගිකයා අන්ත අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එදා වේදිකාවක් වේදිකාවක් පාවා IMF ගිවිසුමේ කොන්දේසි ජනතාවට හිතකර ආකාරයට වෙනස් කර ගන්නවා යැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණ එලෙසම ජනතාව මත අසීමිත අසහනයක් පීඩනයක් පටවන IMF කොන්දේසි හා ගිවිසුම් එළෙසම ක්‍රියාත්මක කිරීම බවත් දිට්වා සුළි කුණාටුව නිසා දශලක්ෂ ගණනින් ජනතාව විපතට ආපදාවට පීඩනයට ලක් වුවත් රජය ඒවා තැකීමකින් තොරව විදුලි බිල වැඩි කරන්න සූදානම් බවත් මෙය ලබාගත් ජනවරම පාවා දෙන වැරදි ක්‍රියාවක් නිසා මේ වැරදි ක්‍රියාවෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විදුලි බිල වැඩි කරනවා වෙනුවට 33%කින් විදුලි බිල අඩු වේදිකාව මත දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවගේ ජන වරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් හරහා ජනතාවගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
වර්තමාන ජාතික ජන බලවේග රජය බලයට පැමිණීමට පෙර විදුලි ගාස්තු ඉහල දැමීම සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ පක්ෂයකි.
කෙසේ වෙතත්, ඔවුන් බලයට පැමිණීමෙන් පසුව 2025 වසරේ මුල් කාර්තුව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටි අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් 2025 ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල කඩිනමින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කරන ලද පසුබිමක ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
ඉන්පසුව 2025 මැයි මාසයේදී 2025 පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබූ අතර, ජූනි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට ප්‍රකාශයට පත් කළේ ය.
ඒ, 2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ය.
තත්ත්වය එසේ තිබියදී ලංකා විදුලි බල මණ්ඩලය නැවත වරක් 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටි අතර, වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම ඔක්තෝබර් මාසයේදී තීරණය කළේ ය.
2026 පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ එවන් පසුබිමක ය.
පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල වන රු. මිලියන 11,500කට ආසන්න මුදලක් ද විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම ද එම ගාස්තු වැඩි කිරීමට එක් හේතුවකි.
සබැඳි පුවතක් :
විදුලි ගාස්තු ආයේ වැඩි වෙයිද ?




