leader s

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එය ඊයේ (1) සිට ක්‍රියාත්මකය.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
එම ගැසට් නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ශ්‍රී  ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යැයි මා අදහස් කරන හෙයින් ;

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන මම, 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ ෂෂ වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම දෙදහස් විසි දෙකක් වූ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය යුතු යයි මේ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කරමි.

වර්ෂ දෙදහස් විසි දෙකක් වූ අප්‍රේල් මස 01 වන දින කොළඹ දී අත්සන් කරන ලදී.
Gazzat 2022.034.01 1
 
 
 

මෙම හසිදි නීතිය තේරුම් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2019 වර්ශයේදී  නිකුත් කරන ලද ප්‍රකාශයක් පහත දැක්වේ.


CPA doc 1
 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්