ජනාධිපතිවරයා‌ගේ පෞද්ගලික නිවස ආසන්නයේදී විරෝධතා දැක්වූ පිරිස අතරින් පොලිස් අත්අඩංගුවට පත්

සියලුදෙනා නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝගකර තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙරත් පසුවත් මෙම විරෝධතා කරුවනට පොසිසිය විසින් අමානුෂික ලෙස පහරදී තිබිණ.



දෙරණ මාධ්‍යවේදීන් සිව්දෙනාට පොලිසියෙන් ප්‍රහාරයක්

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ ඊයේ සිදුවූ විරෝධතාවය ආවරණය කිරීම සඳහා, අද දෙරණ සහ සෙසු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එම විරෝධතාව රූගත කරමින් සිටින අතරවාරයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල පහරදීම්වලට ලක්ව තිබුණි.

එහිදී අද දෙරණ කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලැබූ අතර ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබිණ.
මේ අතර නිෂ්ෂංක වේරපිටිය අද දහවල් ශල්‍යකර්මයකටද භාජනය කෙරුණි.

dfgdgttt

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් නීතිඥවරුන් 300කට අධික පිරිසක් අද (01) ස්වේච්ඡාවන් ඉදිරිපත් වී සිටියේය.

මෙම නීතිඥවරුන් මිරිහාන පොලිසියට ගොස් විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනීසිට එම පිරිස අධිකරණය වෙත ගෙන යන අවස්ථාවේදීත් අත්පොලොසන් දී ප්‍රීතිය පළ කළේය.

නීතිඥවරුන් විසින් තම සේවාදායකයින් වෙනුවෙන් අත්පොලොසන් හඬ දී සුබ පැතීමත් එක නඩු නිමිත්තක් වෙනුවෙන් මෙතරම් විශාල නීතිඥවරුන් පිරිසක් ස්වේච්ඡාවන් ඉදිරිපත්වීමත් මෙරට අධිකරණ ඉතිහාසයේ සිදුවූ පළමු අවස්ථාව බව වාර්තා වේ. 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්