1200 x 80 DMirror


ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 41 දෙනෙකු මේවනවිට පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැනුම් දී ඇත.


පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් දැක්වේ.

01. අනුර ප්‍රියදර්ශන යාපා
02. ජෝන් සෙනෙවිරත්න
03. සුසිල් ප්‍රේම්ජයන්ත්
04. චන්දිම වීරක්කොඩි
05. නලීන් ප්‍රනාන්දු
06. නිමල් ලාන්සා
07. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
08. ප්‍රියංකර ජයරත්න
09. රොෂාන් රණසිංහ
10. ජයරත්න හේරත්


නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ 14 ත් ස්වාධින වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනා අද දිනයේ සිට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.

විසිවන සංශෝධනය අහෝසි කොට දහනවවන සංශෝධනය සංශෝධන සහිතව බලාත්මක කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය .



විමල්ලාගේ මන්ත්‍රීවරු 15 ස්වාධින වෙයි



මේ අතර කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි.  

රට වත්මන්  තත්ත්වයට ඇද දැමූ පුද්ගලයා තවමත් පාර්ලිමේන්තුවේ මුල් පෙළ අසුනක සිටින බව කී විමල් වීරවංශ මේ තත්ත්වය වහා වෙනස් නොකොලොත් රට අරාජික විය හැකි බවද සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) මන්ත්‍රීවරුන් දෙදෙනා ද ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කර තිබේ. 

 


The Leader TV අද වීඩියෝ 


අනෝමා අනේ මා ! | මොණරවිලගේ ලියමන

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය