ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා විශාල කැපකිරීමක් කල නාගරික සංවර්ධන

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ද තම අමාත්‍යාංශයේ බඩු ඉවත් කරගන්නා ලෙස පුද්ගලික කාර්ය මන්ඩලයට උපදෙස් දී ඇත.

දැනට දින දෙකක සිට ඔවුන් ඒ සඳහා සූදානම් වෙමින් සිටිනා නිසා බොහෝ දුරට ආචාර්ය ගොඩහේවාද තම රාජ්‍ය අමාත්‍ය්‍යාංශ ධුරයෙන් ඉවත් වන බව පෙනී යයි.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය රැගෙන ආ 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු වන ආචාර්ය නාලක ගොඩහේවා 2020 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 3,25,497 ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත්වුනේ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග දෙවැනි තැනට පත්කරමිනි.

මහින්ද රාජපක්ෂ හා සරත් වීරසේකර ලඟට ලංකාවේ තුන්වෙනියට වැඩිම මනාප චන්ද ලබා ගත් නාලක ගොඩහේවා හා සරත් වීරසේකර අතර ඡන්ද පරතරය 3000 කට අඩු විය.

 

විද්වතුන්ට තැන දෙනවායැයි පොරොන්දු වී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතරම් විශාල චන්ද ප්‍රමාණයකින් ජයගත් තම සමීපතම උගතාට කැබිනට් ඇමති කමක් නොදුන්නේ බැසිල් රාජපක්ෂගේ හා ප්‍රසන්න රණතුංගගේ බලපෑම් මතය.  




මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් හා දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් ඇති නාලක ගොඩහේවා දේශපාලනයට පිවිසෙන්නට පෙර පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද ඉහල තනතුරු රැසක අත්දැකීම් ඇත්තෙකි.  

තමුන් මහන්සි වී පිහිටවු රජය ජනතා පීඩනයට පිළිතුරු සොයන්නට අසමත් වීම ගැන කම්පා වෙන බව පසුගියදා ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබුනි. එසේම තවත් අවස්ථාවක රූපවාහිනී මාධ්‍ය සාකච්චාවකදී වත්මන් රජයේ ආර්ථික කලමණාකරනය ගැන කිසිදු වගකීමක් තමන්ට නොපැවරුනු බව ඔහු පවසා තිබුනි.

 

 

මේවනවිට කැබිනට් මණ්ඩල සාමාජිකයින් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අතර  රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඉල්ලා අස්වී තිබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න ඊයේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල ජයන්ත සමරවීර මිට ඉහතදී ඉල්ලා අස්විය. 


එසේම රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි  01 දා සිට ඉල්ලා අස්වනබව ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්