1200 x 80 DMirror

තරුණ ජන අරගලයට සහය පළකිරීම සඳහා විශාරද නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ස්වර්ණා මල්ලවආරච්චි, බුද්ධදාස ගලප්පත්ති, නිමල් ඒකනායක  ඇතුළු කලා ශිල්පින් රැසක් ජනඅරගල භුමියට පැමිණ ඇත.


පසුගිය දින කිහිපයේම ගාලුමුවදොර ජනඅරගල භූමියට කලාකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර පැය 24 පුරා විවිධාකාරයේ සංකෘතික වැඩසටහන් සංවිධානය කර තිබිණ.



මුවදොර වාඩිලා ගැනීම...



ed20b95c galle face camp 2


මේවනවිට තරුණ තරුණියන් දහස් ගණනක් ජනාධිපති කාර්යාල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින අතර ඔවුන් ගාලුමුවදොර පිටියේ වාඩිලා ගෙන සිටිති.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති කථිකාචාර්ය මහේෂ් හපුගොඩ මෙසේ පවසයි.


ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්.

වෙනදට අපි කළේ රංචු හැටියට කොළඹට ආව එක. එහෙම ඇවිල්ල දේශපාලන නායක කාරකාදීන්ගේ කතා පොජ්ජ අහගෙන හිටිය. හුරේ දැම්ම. ආපහු කුටුම්බය බලා ගියා. ටිකක් පරක්කු වෙන අය කළේ අඩියක් ගහල එහෙම ගෙදර යන එක. කලින් ගියා පරක්කු උනා කියල ලොකු වෙනසක් නැහැ.

නමුත් 'ඔකියුපයි' නැත්නම් වාඩිලා ගැනීම ඇතුලේ අල්ලා හිටින වැඩක් කරන්න පුළුවන් සහ එහෙම ඉන්න අයගේ පැවැත්ම අර වෙනදා එදිනෙදා පැවැත්මෙන් වෙනස් වෙන්න පුළුවන්.

ටිකක් හිතන්න මේ දවස්වලට අපේ දෛනික ජීවිතේ ගැන...ටීවී එකේ කොහා කෑගහනවා. කඩේට යනවා. බඩු ගේනවා. අවුරුදු කනවා. ණය ගෙවනවා. ආපහු වැඩට යනවා.



''ඉපදුණ දවසේ ඉදල අද දවස වෙනකල් තිබ්බ ඒකාකාරී ජීවිතේ වෙනුවට වෙනත් ජීවිතයක් අන් තැනක තියනවා කියලMahesh Hapugoda 1 1 ඔකියුපයි වෙච්ච කෙනෙකුට තේරෙනවා ඇති. ඒක විප්ලවීය දෙයක්. ඔය ඔකියුපයි වෙච්ච තැන කොන්ඩම් තියනවා කියල බය වෙලා දත කට පූට්ටු වෙලා තියෙන්නේ අන්න ඒ හැමදාම තිබ්බ මෙලන්කොලික - ශෝකී - එකතැන පල්වෙන ජීවිතේ නැති වෙනවට බය උන්. '' - Mahesh Hapugoda




'අපි මේ මොහොතේ ඉඳල උඹල දුන්න ජීවිතේ වෙනුවට වෙනස් ජීවිතයක් ගැන හිතන්න ගන්නවා' කියන පණිවුඩේ අරගලකරුවන් ප්‍රක්ෂේපනය කරන්න ඕනි.
උන් බය අන්න ඒ වෙනස් ජිවිතේට. ඒ කියන්නේ ඇත්ත නිදහසක මුවදොර වාඩි ලා ගන්නවට උන් බයයි. හැමදාම කරපු චාරිත්‍ර කඩනවට උන් බයයි. වහල්ලු වගේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා නම් උන් අපිට උම්මා දෙන්න එයි.

අවුරුදු තමයි. කමක් නැහැ අල්ලගෙන ඉම්මු. ඔකියුපයි වෙමු. ඒ කියන්නේ වාඩිලා ගමු.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එලවා දමන්න ගාන්ධිට පුළුවන් උනේ ඉන්දියාව ඇතුලේ අල්ලා හිටින අරගලයක් දියත් කරන්න ඔහු සමත් වීම නිසා කියල යානිස් වරුෆාකිස් කියනවා.''

 

 

 

Nimal 2022.04 1

 

 

The Leader TV අද වීඩියෝ 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය