ශ්‍රී ලංකා යුධ හමුදාව යොදවා #gotagohome සාමකාමි විරෝධතාව විසුරුවා හැරීමට

යම්කිසි අයෙකු උත්සාහ ගතහොත් එකී අනීතික ක්‍රියාවට සම්බන්ධයෙන් එකී ප්‍රජාතන්ත්‍ර විරෝදී අයවලුන්ට විරුද්ධව නොබියව නීතිය ක්‍රියත්මක කරන ලෙස ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලිමක් කර ඇත.

ඔහු එම ඉල්ලිම සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාව යොදාගනිමින් ගාලු මුවදොර අබියස පැවැත්වෙන #gotagohome සාමකාමි විරෝධතාව විසුරුවා හැරීමට සූදානම් වීමක් සම්බන්ධයෙන් පලවන පුවත් වාර්තා කෙරෙහි අවධානය යොමුකරමිනි.

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් පොලිස්පතිවරයා වෙත යොමුකල ලිපියේ මෙසේ සඳහන් වේ.

පසුගිය 09 වනදා සිට ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් සාම්කමීව ගාලු මුවදොර අබියස පවත්වමින් සිටින #gotagohome සාමකාමි විරෝධතාවය බලය යොදා එහි අරගල කරුවන් අත්අඩංගුවට ගෙන විසුරුවාලීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මා හට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැන ගැනීමට ලැබී ඇත.

මෙය සත්‍යයක් වන්නේ නම්, වහාම පොලිස්පති වරයා ලෙස එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් මා ඉතා දැඩිව ඉල්ලා සිටී.

 

මහජනයා විසින් පවතින ආණ්ඩුව විවේචනය කිරීම ඔවුන් සතු අයිතියක් වන අතර එවැනි අයිතියක් බලය යොදා, හමුදාව යොදා යටපත් කිරීමට මිලිටරි පාලනකදී හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල සිදු කල නොහැක.

 

ඒ අනුව මා මෙම ලිපියෙන් ගරු පොලිස්පති තුමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ශ්‍රීලංකා හමුදාව යොදවා යම්කිසි අයෙකු එවැන්නක් සිදු කිරීමට උත්සාහ ගතහොත් එකී අනීතික ක්‍රියාවට සම්බන්ධයෙන් එකී ප්‍රජාතන්ත්‍ර විරෝදී අයවලුන්ට විරුද්ධව නොබියව නීතිය ක්‍රියත්මක කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා ලෙසත් ඔබ වගකිව යුතු  රාජ්‍ය සේවකයෙකු වශයෙනුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ තනතුරෙහි දියුරුම් දී තිබේ.



යම් හෙයකින් ඔබ විසින් එවන් ප්‍රජාතන්ත්‍ර විරෝධි  ක්‍රියවකට නියමයෙන් හෝ අනියමින් සහයෝගය දැක්වුවහොත් නුදුරේදී බිහිවන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ඔබට සහ එයට සම්බන්ධ වන යුද හමුදා නිලධාරීන්ට විරුද්ධව මනුෂ්‍යත්වයට  එරෙහිව සිදුකරන ලද අපරාධ වරද යටතේ චෝදනා ගොනු කොට දඩුවම් පැමිනවීමට ක්‍රියාමාර්ග ගන්නා බවටද මෙම ලිපියෙන් වැඩිදුරටත් ඔබට දන්වා සිටිමි.




මෙම ලිපියේ පිටපතක් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත මෙයින් යොමුකර සිටින අතර ඔබගේ දැඩි අවධානය මෙම නව තත්වය සම්බන්ධයෙන් යොමුකරන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.''



''විරෝධය මර්දනය කිරීමේ හමුදා පුහුණුවක්''

ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා ස්ථානයේ දිවා රෑ පවතින ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම්වන බවත්, කඩවත ප්‍රදේශයේ සන්නද්ධ හමුදා කඳවුරක විරෝධතා මර්දනය කිරීමේ පුහුණුවක් අප්‍රේල් 15 පෙරවරුවේ සිදු කළ බවත් මාධ්‍ය හමුවේ පසුගියදා අනාවරණය කර සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවයි.

මෙසේ සන්නද්ධ හමුදා කඳවුරුවල කැරලි මර්දන ආදර්ශ පුහුණුව ලබා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදෙන තරුණ ප්‍රජාව මර්දනය කිරීමට නම්, ආණ්ඩුව වැරදි ගණන් බැලීමක් සිදුකරමින් සිටින බව ඔහු අවධාරනය කළේය. 

 

යුධ හමුදාව ප්‍රතිචාර දක්වයි


එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසන්නේ, යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බවයි.

යුද්ධ හමුදාව ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට සූදානම් වන බවටත්, පහරදීමකට පෙර පුහුණුව ලබමින් සිටින බවටත් ඇතැම් පාර්ශව සිදුකර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

කිසිදු යුද්ධ හමුදා සාමාජිකයෙකු එවැනි ක්‍රියාකාරකමක් වෙනුවෙන් සම්බන්ධ වී නොමැති අතර මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ඒවා බවද යුධ හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

හමුදා සාමාජිකයන් සාමකාමී විරෝධතාකරුවන් හෝ එකී සංවිධාන සමඟ කිනම් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරීවල නිරතව සිටිනුයේ රාජ්‍ය සහ මහජන ආරක්ෂාව සඳහා වන අතර මෙම භටපිරිස් සිය ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් කරමින් රටට සාමය ලබාදුන් සාමාජිකයන් වන බව ද සිහිපත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

යුද්ධ හමුදාව අපකීර්තියට පත්කිරීම අරභයා ප්‍රචලිත කරනු ලබන මෙම සූක්ෂම උත්සාහයන්ට නොරැවටෙන ලෙසත් අතීතයේදී යුද්ධ හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් රකිනා ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්