ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස තරුණ ප්‍රජාව විසින් අඛණ්ඩව සිදුකෙරෙන බලපෑම් හමුවේ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අද පැවැති පක්ෂ නායක රැස්විම් දිය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 දී යහපාලන රජය විසින් ඉදිරිපත් කරන ලදී. එමගින් ජනාධිපතිවරයාගේ බලතල රාශියක් පාර්ලිමේන්තුවට පවරා ජනාධිපති සතුව තිබු බලතල සිමා කරනු ලැබිය.

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන් අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ සහාභගි නොවු අතර ඔහුගේ ගේ මැදිහත්වීම මත 19 ව්‍යාවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ගාලුමුවදොර ඉදිරිපිට අරගලයේ නිරත වන තරුණ කාණ්ඩයම සමග සාකච්ඡාවට සුදානම් බව අගමැතිවරයා පසුගියදා ප්‍රකාශකර සිටි නමුත් ඒ සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.



2015 වසරේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම මුලිකත්වය ලබා දුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට  අද පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට පැමිණෙන ලෙස කතානායකවරයා පසුගිය දින කිහිපයේ දිගින් දිගටම ඉල්ලීමක් කර තිබිණ. ඒ ව්‍යවස්ථා සංශෝධනයට අදාල කරුණු සම්බන්ධයෙන් ඔහුගේ විශේෂඥ මතය දැනගැනීම සඳහාය.




අගමැති ව්‍යවස්ථා සංශෝධන යෝජනාව !

මේ අතර අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අගමැතිවරයාගේ අවධානයට යොමු වී ඇති බවයි.

අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර තිබේ.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අගමැතිවරයා බලාපොරොත්තු වන බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්වේ.

එම සංශෝධිත ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව අගමැතිවරයාගේ බලාපොරොත්තුවයි.

kdfl






ජනාධිපතිගේ අනුමැතිය

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවයි.

ඔහු එබව කියා සිටියේ, නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමිනි.

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්