රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරිම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවය.


"රඹුක්කන ප්‍රදේශයට මේ වනවිට උද්ගත වී තිබෙන තත්ත්වය අනුව රඹුක්කන පොලිස් බලප්‍රදේශය සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි. ඒ වගේම මේ පොලිස් බලප්‍රදේශයේ සිටින මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිරිනීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑමට බාධාවක් සේ සළකා කටයුතු කරන බව. එම නිසා නිවෙස්වලට වී රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටිනවා. එසේම මෙම පොලිස් බලප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණෙන මහජනතාවට දැනුම් දෙනවා ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස."


එසේම, රඹුක්කන විරෝධතාකරුවන් විසුරුවා හැරිම සදහා පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේ ද යන්න පිළිබඳ සොයා බැලීම සදහා මණ්ඩලයක් පත් කළ බව මහජන ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත්ද අල්විස්  පවසනවා.


ඔහු පවසන්නේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා  සිදුනොකර සාමය ආරක්ෂා කිරීම සඳහා සියලු ජනතාව කටයුතු කළ යුතු බවය.

බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක්


ඉන්ධන බවුසර්වලට හා දුම්රිය සඳහා අවශ්‍ය ආරක්ෂාව සහතික කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  පවසයි.


ඔහු වැඩිදුරටත් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ, රට පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ජනතාවගේ ද සහාය බලාපොරොත්තු වන බවය.


මේ අතර, ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරීම් සහ අලාභහානි කිරීම්වලින් වළකින ලෙස පොලීසිය ද ජනතාවට දැනුම්දී තිබේ.


පොලිසිය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ සියලු ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ සහ අනෙකුත් වාහන සඳහා අවහිර කිරීමකින් තොරව සිදුකරන විරෝධතා සාමකාමීව සිදුකරන ලෙසය.

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්