තමාගේ සහයට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ගේ අත්සන් නොලැබුණහොත් හෙට දිනය තුලදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනබව

අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ මිට පෙර පැවසුයේ, පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්නුවහොත් පමණක් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බවයි.  

අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින්, අද උදෑසන නෙලුම් මාවත පොහොට්ටු මුලස්ථානයේදී නැකත් වේලාවන් අනුව ආරම්භ කළ මෙම අත්සන් මෙහෙයුමට මේවනවිට අත්සන් කර ඇත්තේ 50කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.



'කකුලෙන් අදින්න එපා' - චමල් කියයි

මේවනතෙක් මෙම ලේඛනයට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අත්සන්කර නොමැති බව ද පැවසේ.

 

මේ තීරණාත්මක අවස්ථාවේදී ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වියයුතු බව චමල් රාජපක්ෂගේ අදහස වී ඇතැයි පැවසේ. රාජපක්ෂ පවුලේ වැඩිමලා වන ඔහුගේ අදහසට පවුලේ සියලුදෙනාම පාහේ එකඟවී ඇතත්, ඊට එරෙහි වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ පමණක් බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.  

 

වත්මන් දේශපාලන අර්බුදය හා අගමැති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඊයේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබුනද අගමැතිවරයා ඊට සහභාගී නොවී තංගල්ලේ නිවසට ගොස් තිබිණ.

 

 


ජනපතිවරයා මහා නා හිමිවරුන්ගේ යෝජනාවට එකඟවේ !

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික  මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන අද (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත.

අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි.



ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇති බවයි.

දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි ගන්නේ නැතිනම් එතනින් එහාට කතා කිරීමෙන් වත් ඵලක් නොවන බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ශ්‍රී ලාංකික බැංකු කරුවන් සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ පැවසූයේ තරුණ තරුණියන් එළියට බැස ආණ්ඩුව වෙනස් කළ යුතු බව කියන නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ හරි තීරණයක් නැති බවයි.

 

 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්