බදුල්ල නගරයේ තරුණයෙක් තනියම විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.



සිංහල දමිල භාෂාවලින් සටන් පාඨ කියමින් මෙම තරුණයා විරෝධතාවය පැවැත්වූවා.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් උද්ඝෝෂණයේ නිරත වූ තරුණයා ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

ඒවාට උත්තර ලබාදුන් එම තරුණයා මේ රටේ තරුණයෙක් ලෙස ජනතාව අවදි කිරීම තමන්ගේ යුතුකම බවත්, ඒක අවසන් කර ගෙන පොලිසියට තමන් එන බවත් ප්‍රකාශ කර තමන්ගේ විරෝධතාවය දිගටම කරගෙන ගියා.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන අපේක්ෂකයෙක් වන අරුන් ප්‍රසාත් විසිනුයි මෙම විරෝධතාවය කරගෙන ගියේ. හිටපු අමාත්‍ය මංගල සමරවීර අවසන්වරට පැවැත්වූ 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුවට අරුන් ප්‍රසාත් ද එක්ව සිටියා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ උද්ඝෝෂණ හා විරෝධතාවයන් මේ වන විටත් පැවැත්වෙනවා.

.

 

අරුන් ප්‍රසාත් 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්...




නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්