ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

මේ දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව කී පාලිත රංගේ බණ්ඩාර, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව සඳහන් කළේය.

ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බව කී මහලේකම්වරයා, දේශපාලන පක්ෂ අරමුණු මොහොතකට හැර දමා මේ මොහොතේ මහපොළොවේ අරගලය සමග එකතු වීමට එජාප බිම් මට්ටමේ යාන්ත්‍රණයට අවස්ථාව ලබාදී තිබෙන බවද සඳහන් කළේය.

vbjfj

පසුගිය දා රඹුක්කන නගරයේ දි පොලීස් වෙඩි ප්‍රහාරයේන් ජිවිතක්ෂයට පත් චමින්ද ලක්ෂාන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සත්‍යග්‍රහයක් සංවිධානය කර ඇත.

ලබන 28 වනදා උදේ 9.00 ට රඹුක්කන නගරයේ දි එම සත්‍යග්‍රහය පැවැත්වේ.

නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු එහි තේමාවයි.

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්