උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක් ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.



ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ නව නගර ශාලාවේ අද (මැයි 1) පැවති එක්සත් ජාතික පක්ෂ ජාත්‍යන්තර මැයි දින රැලිය ඇමතූ අවස්ථාවේදී ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විටත් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව මේ වන විට අරාජික වී ඇති බව ය.

21 වන සංශෝධනය මගින් මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව ද ඔහු එහිදී පැවසීය. එබැවින් මෙරට ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

 

“අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ව්‍යාපාර බංකොලොත් වෙලා. කෘෂිකර්මාන්තයට පොහොර නැහැ. ධීවරයින්ට ඩීසල් නැහැ. අපේ රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා සේවක පන්තියේ. තවත් රැකියා ලක්ෂ ගණන් නැතිවෙන්න පුළුවන්. කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර ගණනාවක් කඩා වැටෙන්න පුළුවන්. අද මේ රටේ තරුණයින්ට විතරක් නොවෙයි, සියලු දෙනා ට ම අනාගතය නැති වෙලා තියෙනවා.”

 

පෞද්ගලික අංශයේ රැකියාවලට කණකොකා හඩයි

මේ අතර කොළඹ ව්‍යාපාරික සංගමය පවසන්නේ, ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බවයි.

එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ සඳහන් කළේ දැනටමත් බොහෝ පිරිසකට රැකියා අහිමිවී ඇති බවයි.

“දැන් අපි ගත්තොත් අද වනවිට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රටේ හිඟයක් ඇති වෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ලෙස රටේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ ක්‍රියාවලිය දිනෙන් දින නතර වෙනවා. ඒ විතරක් නෙමේ රැකියා වෙළෙඳපොළ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. පෞද්ගලික අංශයේ.”

“අපි දන්නවා ලංකාවට විශාල ලෙස විදේශ විනිමය ගේන ක්ෂේත්‍රයක් තමයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ලක්ෂ තුනහාමාරක විතර රැකියා තියෙනවා. හැබැයි මාස 2ක් පමණ යන විට ඔවුන්ටත් විශාල අවදානමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

“ඒ විතරක් නෙමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් ඉදිකිරීම් කර්මාන්තයේ දවස ගානේ මිල වැඩිවීම නිසා ලක්ෂ 10කට විතර රැකියා නැති වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයන් ගැන අවධානය යොමු කරන්න.”

“අද වෙනකොට රජයක් නෑ. රජයට වැඩ පිළිවෙළක් නෑ. ඒක නිසා ජනතාව පාරට බැහැලා ඉන්නවා. ඒ වගේම විපක්ෂයට වැඩපිළිවෙලකුත් නෑ.”

“මුදල් අච්චු ගහද්දි කිව්වානේ රටේ උද්ධමනයක් වෙන්නේ නෑ කියලා. මේක තමයි අපි දැන් මුහුණ දිලා තියේන උද්ධමන තත්ත්වය.”

(උපුටා ගැනීම් -news19.lk)

  

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්