රට පුරා ව්‍යාප්ත #Gotagohome ජන අරගලයේ සාමාජිකයන් පිරිසක් අද (03) පෙරවරුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා බැහැ

දැක ආශිර්වාද ලබා ගෙන ඇත.

ඔවුහු එහිදී ජන පීඩක, අධර්මිෂ්ඨ, අශිෂ්ට රාජපක්ෂ පාලනයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත්කරන මෙන් මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම රාජපක්ෂ පවුල්වල සාමාජිකයන්ට ලබා දී ඇති ගරු නම්බුනාම ඉවත් කරන ලෙසත්, රාජපක්ෂ පවුලේ අවමංගල්‍ය කටයුතුවලදී පාංශුකූල පිංකමකට හෝ සහභාගී නොවන ලෙසත් ඉල්ලා ඇති අතර උන්වහන්සේලා වෙත විශේෂ සංදේශයක්ද භාරදුන්හ.

Loku H 2022.04.03 1

ගාලු මුවදොර විරෝධයට දින 25යි


ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (03) දින 25 ක් සම්පූර්ණ විය.

දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ද එම ස්ථානයට පැමිණ සිටියහ.

ගිරිඋල්ලේ සිට පා ගමනින් පැමිණි ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ හිටපු නායක දිනිඳු සපරමාදු ඇතුළු පිරිසක් ද ඊයේ  (02) උදෑසන අරගල භූමියට පැමිණ එම විරෝධතාවට එක්වූහ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව සඳහන් සටන් පාඨ ඇතුළු විවිධ සටන්පාඨ හා ජාතික ධජ රැගෙන සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අවට ද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරිකයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මෙම විරෝධතාවට එක්ව සිටිති.

කුඩා දරුවන් පවා රැගෙන ජනතාව මේ සඳහා එක්ව සිටින අතර විරෝධතාකරුවන් එහි පුස්තකාල, ප්‍රථමාධාර ඒකක, මාධ්‍ය ඒකක ආදියද ස්ථාපිත කර ඇත.

විරෝධතා භූමිය අසලින් වාහනවල ගමන් කරන පිරිස් රථවාහනවල නළා ශබ්ද කරමින් විරෝධතාකරුවන්ට සහාය පළ කරනු ද දක්නට ලැබිණි.

 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15


 
 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා