ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතරේ රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල්

වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

වත්මන් ප්‍රශ්න ගැන සුමාන දෙක තුනක් ඇතුළත එකඟතාවයකට පැමිණිය යුතු අතර පා වෙමින් ඉන්නට හැකියාවක් නැතැයිද ආර්ථිකය හැදීම සඳහා සියලු දෙනා එකඟතාවෙන් වැඩ කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

අයවැයේ තිබෙන උවමනා නැති වියදම් සියල්ල කපා දමා ඒ සහන ජනතාවට ලබා දිය යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ආණ්ඩුවේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''මේ ප්‍රශ්නය විසඳන්න දේශපාලන විසඳුමක් ඕනේ. ''


''පළමුවෙන්ම මම ඔබතුමාට ප්‍රශංසා කරනවා අමාරු වැඩ කටයුත්තක් බාර ගැනීම පිළිබඳව මේක ලේසි පහසු වැඩ කටයුත්තක් නෙවෙයි ඔබතුමා ඇවිල්ලා මේක බාර ගත්ත. ඔබතුමා කියනවා ඔබතුමා Night Whoch Men කියලා. ඔබතුමා Night Whoch Men ක්‍රිකට් මැච් එකේ නෙවෙයි.ඔබතුමා Night Whoch Men Water Gete එකේ.

Night Whoch Men තමයි පොලිසියට කිව්වේ ඩිමොක්‍රටික් පක්ෂයේ මුලස්ථානය කඩලා කියලා පොලිසිය ඇවිල්ලා 3 න් 4 දෙනෙක් අල්ලාගෙන එක අවසන් වුනේ උප ජනාධිපතිත් ජනාධිපතිත්  දෙන්නම ඉවත් වෙලා. ඉතින් අපි  දන්නේ නෑ. ඒකද ඔබ කරන්න යන්නේ කියලා .

කොහොම හරි Night Whoch Men හැටියට ඔබ වැඩ කටයුතු කරලා තියනවා.

මම එකක් කියන්න කැමතියි මොකද මම කැමතියි අපි කරපු වැඩ කටයුතු කිහිපයකුත් කියන්න. පසුබිමේදී විශේෂයෙන්ම අපි මේ සංඛ්‍යාලේඛන දිහා බලනකොටත් 1948 ඉඳන් බලන්න එපා. කැනඩුල් ක්‍රමය තිබුනට අපි දියුණු වුනේ නැහැ.77 න පස්සේ බලන්න ඔය ඒකෙ ආව අදායම් සියල්ලම අපි ගත්ත ආධාර සහනාධාර ඔක්කොම සංවර්ධනයට යෙදෙව්වා.

අන්න එතනින් ගියේ එත් එක කාරණයක් වුනා. මේ රටේ තියන දල දේශීය නිෂ්පාදනය වැඩි වුනා. ඒක වැඩි වෙන්න එක හේතුවක් තමයි අපි කරපු අපනයන අපි අපනයනයට බදු සහන දුන්නා. ඊට පස්සේ සිදුවුනේ බදු සහන තවත් කාලයක් දික් වුනා. ඕකයි අපිට අඩු වුනේ.

අනික 2009 දී අපි ගිහින් විශේෂයෙන්ම වාණිජ ණය ගත්තා. එදා පොලිය අඩුයි කියලා. අපි අරගෙන අරගෙන 2014 වන කොට අපි හිටියේ අමාරු තැනක. මේ දෙකම විසඳන්න IMF එක එක්ක සාකච්ජා කරද්දී එක කාරණයක් කිව්වා.


''ණය බර අඩු කරන්න.''


අපිට තියන්නේ ණය බර අඩු කරන්න. ණය බර අඩු කරානම් 2014 දී අපේ රජයේ වියදම් වලටවත් අදායමක් තිබුනේ නැහැ. ඒ නිසා ප්‍රාථමික අයවැය ණය ගෙවන්නේ නැති රජයේ අදායම්  වලට අතිරික්තයක් ලබලා දෙන්න. ඒකයි කලේ 2018, 2019 ප්‍රශ්න තිබුණා. ඒ ගැන IMF ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.

එතනදි අපිට සිදු වුනා බදු වැඩි කරන්න. බදු වැඩි කළා. බදු වැඩි කළා ඊළඟට බදු සහන අඩු කළා. මෙතැන් විශාල වශයෙන් පුද්ගලික අංශය විරුද්ධ  වුණා. බදු වැඩි කරන එකටත් විරුද්ධ වුනේ නැහැ .බදු සහන අවුරුදු 30 කට දුන්නා.

මම ඇමතිතුමාට කියන්න කැමතියි ඒ කාලේ IMF එකෙන් ලිපියක් දීලා තියනවා. ඇත්ත වශයෙන්ම ඒ වැඩසටහනෙන් පෙන්නලා දීල තියනවා. කොහොමද කියලා අපේ අය වැය  අඩු වුනේ. දල දේශීය නිෂ්පාදනය 12% කට ගියේ.

 

ඊට පස්සේ වුනේ දේශපාලන කාරණාවක්. මේ සියලු දෙනාම ගිහින් ජනාධිපතිතුමාගේ ජන්ද ව්‍යාපාරයට උදවු කළා. උදවු කලාට පස්සේ ජනාධිපති වුණා. අපි මෙහාට ආව මෙතෙන්ට ආණ්ඩුවක් ඇති කළා. ඒ පාර බදු අඩු කළා. ඒ බදු අඩු කලේ මේ හිටපු මන්ත්‍රීවරු කියලා නෙවේ. එකට ඔබතුමන්ලට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මේ හිටපු අය කවුරුවත් ගිහින් ඕක කිව්වේ නැහැ. එක කිව්වේ පුද්ගලික අංශය. පුද්ගලික අංශය කිව්වා නිසා මේක අඩු කළා. ඒ පාර IMF එක තරහ වුණා.

 

අපට 20, 21 දෙකේම IMF යන්න තිබුණා. MF ගියා නම් බදු වැඩි කරනවා. කාගේ බදු ආරක්ෂා කරන්නද? මම පළමුවෙන්ම කියන්නේ පුද්ගලික අංශයත්  උපදෙස් දෙනවලු. මම කියන්නේ ඔක්කොම ඉවත් කරන්න මේකේ බලය තියන්නේ පාර්ලිමේන්තුවට.

අපි ආණ්ඩුවේ වුනත් විපක්ෂේ වුනත් එකට මේක දිහා බලමු. එක නැති  වුනොත් නිලධාරිනුත් ඇවිත් මෙහෙට වාර්තා කරන්න.

මම එකක් ඔබෙන් ඉල්ලනවා කරුණාකරලා නිල නිවේදන සියල්ලම ඇමතිතුමා මෙහෙ කරන්න. පාර්ලිමේන්තුව නැත්නම් ඔබතුමා කරන්න එක එක නිලධාරීන්ට මේවා කරන්න දෙන්න එපා .

මුදල් ඇමතිතුමනි, දෙන්න එපා එක එකාට තමන් කැමති විදියට කරන්න. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් එයාර් බස් 25ක් ගත්තා. අපි ලංකාවේ ආර්ථිකය දිහා බලලා ඊට පස්සේ ආර්ථිකයට මොකද්ද කරන්නේ කියලා බලන්න ඕනේ. විශේෂයෙන් මුදල් ඇමතිතුමාට කියනවා කරුණාකරලා ශ්‍රීලංකන් එකට කියන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දෙනකල් කිසිම ගුවන් යානයක් මිලදී ගන්න එපා කියලා.

බැංකු ආරක්ෂා කරන්න. අලාභ ලබන ආයතනවලට මොකද්ද කරන්නේ. ලෝක තෙල් මිල වැඩිවෙනවා. අපිට එදා කිව්වා 2020 - 2021තෙල් මිල අඩුවුණාම වෙනම අරමුදලක් දානවා කියලා. ඒ අරමුදලේ මුදල් තියෙනවා ද? නැත්නම් ඒ නිලධාරීන්ට අපි දඬුවම් කරන්න ඕනේ. ඒකයි මම ඔබතුමාගෙන අහන්නේ අපි ගන්න පියවර කුමක් ද කියලා.

මම හිතන්නේ ඔබතුමා කිව්ව පියවරවලට වඩා තව පියවර ගන්න තියෙනවා. විදේශ රටවලින් අපි ආධාර ගන්නවා නම් ඒ රටවල් සමඟ ඇති ප්‍රශ්න විසඳා ගන්න ඕනේ.

 

දැන් කොහොමද අපේ ව්‍යාපාර ගෙනියන්නේ ? අපේ ව්‍යාපාර කඩා වැටෙනවා. මුදල් නැති වෙනවා. කී දෙනෙකුට රස්සා නැති වෙයි ද? බැංකු බේරන්න ගියාම ව්‍යාපාර ලක්ෂ ගණනක් කඩා වැටෙයි ද ? අපි එතැනට කොහොම ද මුහුණදෙන්නේ. අයවැයෙන් සහන දෙනවා නම් උවමනාවක් නැති වියදම් සියල්ල කපන්න. මේක වෙනස් කරන එක රාජ්‍ය මූල්‍ය කොමිසමට භාරදෙන්න. ඉවත්කරන්න පුළුවන් සියල්ල ඉවත්කර එය ජනතාවට දෙමු. සහනය ඉදිරියට ගෙනියන්න ඕනේ.

 

''මම ආපහු ඇවිත් ඉන්නවා''


 අපි ඊළඟට ණය අරන් කොහොම ද ගෙවන්නේ තව අවුරුදු 10කින්.

මේ ආර්ථික ව්‍යුහය වෙනස් කරන්න ඕනේ. අපි තරගකාරි ආර්ථිකයකට ගිහින් අපි අපනයන සඳහා යන්න ඕනේ. ඕවා කිව්ව නිසා පෞද්ගලික අංශය මාත් එක්ක තරහා වුණා. අපි එතැනට යන්න ඕනේ. අපිට අලුත් මාර්ග ගණනාවක් හොයන්න පුළුවන්.

මම කරපු හැම එකටම විරුද්ධ වුණා අන්තිමට ගෙදර ගියේ ගෝඨා නෙමෙයි මමයි. කොහොම හරි මම ආපහු ඇවිල්ලා තියෙනවා.

මේ ප්‍රශ්නය විසඳන්න දේශපාලන විසඳුමක් ඕනේ. ඒත් දේශපාලන විසඳුම්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා."


 

 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්