රාජපක්ෂලා නැති ආණ්ඩුවක වගකීම බාරගෙන කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය,

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR) පවසයි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිබව පෙන්නන්න තිබුන වටිනා අවස්ථාවක් යම් යම් කට්ටිවාදී වැඩපිළිවෙලවල් නිසා ඊයේ දිනයේ (05) අහිමි වූ බවද ඔහු කියා සිටියේය.

රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකට අදාළව සිදු කෙරෙන නඩු විභාගයකට සහභාගී වීමෙන් අනතුරුවය.



''පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක්''

නාඩගම් මඩුවක් හැටියට කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුව ගැන තරුණ පරපුරේ තිබෙන පිළිකුළ තවත් වැඩිවන බව පැවසු චම්පික මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ සඳහන් කළේය.

“ඉතාම කණගාටුදායක තත්වයක්. පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුව, විපක්ෂයේ සියලු දෙනාම මතක තබා ගත යුතුයි, අද රට බංකොලොත්. ඒ බංකොලොත්භාවයෙන් මේ රටේ පවුල් 55 ලක්ෂයක් අනේකවිධ දුක් විඳිනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ ජනතාව පාරවල් වලට ඇවිල්ලා, වැඩ කරන ජනතාව, තමන්ගේ සේවා ස්ථානවලට ඇවිල්ලා, වෘත්තීයවේදීන් තමන්ගේ ඒ සේවාවන් අතහැරලා, මේ රජයට, විශේෂයෙන්ම ජනාධිපතිට, අගමැතිට ගෙදර යන්න කියලා තියෙනවා. ඒ තත්ත්වය තුළ පාර්ලිමේන්තුව තවදුරටත් තමන්ගේ ඉටු කරගන් නැතුව එතෙන්ට මෙතෙන්ට නාඩගම් නඩුවක් හැටියට කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුව ගැන තියෙන පිළිකුල විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ පිළිකුල තවත් වැඩි වෙනවා. ඒ නිසා ඉතාමත්ම මම ලැජ්ජා වෙනවා.

ඉතාමත්ම වටිනා අවස්ථාවක් තිබුණා ආණ්ඩුවට. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරයක් පාර්ලිමේන්තුවේ නෑ කියලා පෙන්නන්න. ඒ වටිනා අවස්ථාව යම් යම් කට්ටිවාදී වැඩපිළිවෙලවල් නිසා අහිමි වීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වෙනවා.



ඒ වගේම පාර්ලිමේන්තුවේ පොදු හැසිරීම ගැන මන්ත්‍රීවරයෙක් හැටියටත් මම ලැජ්ජාවට පත්වෙනවා. අද මේ ගෙනියන අරගලය, මේ තරුණයින්ගේ සහ මේ රටේ පොදු ජනතාවගේ අරගලය ගැන අපිට සතුටුයි. මොකද තව දුරටත් මේ රට වංචනික විදිහට මංකොල්ලකාර පවුලකට රටේ 55 ලක්ෂයක් පවුල් යටපත් කරගෙන පවත්වගන්න හැකියාවක් නෑ.

fhdfhghg

අද ඇත්තටම මහජනයාව ට බංකර් හදාගන්න හැදුවට වැටවල් ගහන්න හැදුවට අද ඇත්තටම හිරකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල. ඒ වගේම විපක්ෂය කියන විශ්වාසයක් තියන්න පුළුවන් වෙන්නේ මොකක්ද? විශ්වාසභංගයක් ගේනවා නම් එය ඉවත් වෙන්න ඕනේ කියලා. ඒ රජයේ වගකීම භාර ගැනීම පිළිබඳව විපක්ෂයටත් තිබිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.

එම වගකීම පිළිබඳ ගැටළු තියෙනවා නම්, ඒ ඕන වගකීමක් රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන සිදු කරන්න අපි සූදානම්. ''


''ඔබතුමා කොහොමද බේරගන්නේ?'' යයි මාධ්‍යවේදියකු ප්‍රශ්නකළ අවස්ථාවේදී චම්පික මන්ත්‍රීවරයා මෙසේ ද  පැවසිය.


''ආණ්ඩුව එකක් මතක තියාගන්න ඕනේ. ආණ්ඩුව අද ලෝක ප්‍රජාව ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ පැවැත්ම ඉදිරියේ. මේ රටේ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ප්‍රතිරූපය මුළු ලෝකයටම අද වැදගත්. පොලිසිය අවභාවිතා කිරීම මේ පොලිස්පතිවරයා, මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආපු දවසේ ඉඳන් පොලීසිය අවභාවිතා කිරීම බොහොම නරක විදිහට තිබුණා.

 

ඉදිරි පාලනයකදී පොලීසියත්, යුධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශත්, බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. රටේ සේවා, එක පවුලක් රැකගැනීම සඳහා, දේශපාලනකරණය වෙලා තියෙනවා. මේ අයට නැවත වතාවක් පොලීසියේ නිල ඇඳුමට ගෞරවය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට, යුධ හමුදාවලට ගෞරවය, මේ රටේ බුද්ධි අංශ විපක්ෂය දඬුවම් දඩයම් කරන්න, තරුණයෝ දඬුවම් කරන්න, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පස්සේ පන්නන්න නෙවෙයි.

මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන ආයතන බවට පරිවර්තනය කරන්න, අපි ඉදිරියේ කැපවෙනවා විතරක් නෙවෙයි, නීතියට පිටතින් රාජපක්ෂවරු ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමෙන් වැළකී ඉන්න කියලා. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක නීති විරෝධියි. ඒ වගේම අනාගතයේ මේ ක්ෂේත්‍ර ස්වාධීන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ක්ෂේත්‍ර බවට පත් කරන්න අපි කැප වෙනවා.

 

 

 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්