The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

දොස්තර පොල්ල කෝටි 115ක් !

T

The Leader Desk

October 26, 2025 • 4:28 AM

දොස්තර පොල්ල කෝටි 115ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙකී මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
  • ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මස 31 වැනිදා වන විට වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 204 දෙනකුගෙන් අය කර ගැනීමට ඇති බැඳුම්කර හා දඩ මුදල රුපියල් හැටනවකෝටි පනස් දෙලක්ෂ විසිපන්දහස් දෙසිය නවයකි.
  • වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරින් 480 දෙනකුගෙන් අයවිය යුතු මුදල හතලිස් හතරකෝටි හතලිස් දෙලක්ෂ අසූ අටදහස් දෙසිය හැට අටකි.
  • වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා සහ විදේශීය රැකියා මෙන්ම අනෙකුත් හේතු මත විදේශගත වන වෛද්‍ය නිලධාරින් සේවයෙන් ඉවත්ව යෑමේ, සේවය අත්හැර යෑමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙකී මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මස 31 වැනිදා වන විට වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 204 දෙනකුගෙන් අය කර ගැනීමට ඇති බැඳුම්කර හා දඩ මුදල රුපියල් හැටනවකෝටි පනස් දෙලක්ෂ විසිපන්දහස් දෙසිය නවයකි.

වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරින් 480 දෙනකුගෙන් අයවිය යුතු මුදල හතලිස් හතරකෝටි හතලිස් දෙලක්ෂ අසූ අටදහස් දෙසිය හැට අටකි. වැටුප් සහිත සහ වැටුප් රහිත යන නිවාඩු වර්ග දෙකම ලබාගත් වෛද්‍ය නිලධාරින් 08 දෙනකුගෙන් බැඳුම්කර හා දඩ මුදල වශයෙන් රුපියල් හැටදෙලක්ෂ පනස්තුන්දහස් නවසියහතලිස් එකක මුදලක් (6,253,941) අය වීමට ඇති අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත් කාලත්‍රයා සමග විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරීන් 13 දෙනකුගෙන් රුපියල් එක්කෝටි හත්ලක්ෂ අනූහතරදහස් හත්සියඑකක මුදලක් (10,794,701) අය වීමට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා සහ විදේශීය රැකියා මෙන්ම අනෙකුත් හේතු මත විදේශගත වන වෛද්‍ය නිලධාරින් සේවයෙන් ඉවත්ව යෑමේ, සේවය අත්හැර යෑමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වෛද්‍ය නිලධාරීන් රජයට ගෙවිය යුතු ඇප මුදල් හා දඩමුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

(Divaina | ලලිත් චාමින්ද)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...