1200 x 80 DMirror

හදිසි නීතිය යොදා ගනිමින් රජය විසින් ගොගෝටගම විරෝධතා ස්ථානයට බාධා කළහොත් අර්බුදය විසඳිමට පවත්වන සියලු සාකච්ඡාවලින් ඉවත් වන

බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහආණ්ඩු පක්ෂ නායකයින්ට දැනුම් දී සිටියි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පක්ෂ නායක රැස්විම් දි හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය කැඳවිමේදි පක්ෂ නායකයින් දැනුවත් කිරිමට තිබු බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දි තිබේ.

කෙසේවෙතත්, නිතිය කඩකිරීමක් සිදුවොනත් ඇර ගෝඨා ගම ඇතුළු සාමකාමී උද්ඝෝෂණය බාධා නොකල යුතු බවත්, පාර්ලිමේන්තු රැස්විම්වලට පැමිණිම මන්ත්‍රීවරුන්ට බධා නොවිය යුතු බවත් හිටපු අගමැතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර විශ්වාසභංග යොජනා දෙකට පොරොන්දු පරිදි සහාය ලබා දෙන බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

මේ අතර දෙමල ජාතික සන්ධානය සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරෙහි ඉදිරිපත් කල විශ්වාස භංග යොජනා පිලිබද පක්ෂ නායක රැස්විම් දි උණුසුම් විවාදයක් ඇති ව තිබේ.

 
"මයිනා ගෝ ගමට" ප්‍රහාරයක්

 
මේ අතර අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි "මයිනා ගෝ ගමට" පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මේ වන විට එම ස්ථානයේ ආරක්ෂාවට පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කිරිමට උත්සාහ දරමින් සිටින බව  වාර්තා වේ.

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය