ජන අරගල භූමියට කඩා පැන විරෝධතාකරුවන්ට පහරදී මුළු රටම අර්බුදයකට යැවීම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ

දේශපාලන කුමන්ත්‍රණයක් යයි ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

මෙම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වුයේ අන්තර්කාලින ආණ්ඩුව කඩාකප්පල් කිරීම බව ඔහු සඳහන් කළේය.

අන්තර්කාලින ආණ්ඩුවට ජනාධිපතිවරයා එකඟවූ දිනට පසුදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදෙමින් ජනාධිපතිවරයා හා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අතර ගැටුමක් ඇති කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කල බවද ස්වාධින මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ විසින් අද දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා තිබු පොහොට්ටුවේ ආධාරකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කර තිබීම ද විශේෂ කාරණයකි.

අනතුරුව මහින්දවාදී ආධාරකරුවන් අරලියගහ මන්දිරයේ සිට පාගමනින් ගාලුමුවදොර ජන අරගල භුමියට ගොස් සාමකාමී විරෝධතාවයක දී සිටි මිනිසුන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේය.

එම සිද්ධිය හෙලා දකිමින් නමාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති හිටපු කතානායක කරු ජයසුරිය පවසන්නේ, සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරය හෙළා දකින බවත්, ප්‍රචණ්ඩත්වයට තම අනුගාමිකයන් යොමු කළ නායකයන් එහි වගකීම භාරගත යුතු බවත් ය.

මෙම මැර ප්‍රහාරය සංවිධානය කල බව කියන හිටපු අමාත්‍යවරුන් වහාම අත්අඩංගුවට ගන්න ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාට බලකර සිටියි.


රටම ගිනිතබා මහින්ද ඉල්ලා අස්වෙයි


මහින්ද රාජපක්ෂ සිය ආධාරකරුවන් අමතා කතාවක් පැවැත්වීමෙන් සුළු මොහොතකට පසු, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි ඔහුගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කළහ.

ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇදිරි නීතිය පැනවූ අතර ඉන් ටික වෙලාවකට පසු අගමැතිවරයා තම අස්වීමේ ලිපිය ජනපති වරයට යොමුකර තිබිණ.

අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා තවදුරටත් ධූරයේ රැදී සිටීමට උත්සාහ කළේය.

දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාදිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණි.

අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ පත්කරනු ලැබුවේ රටම ගිනි තබමිනි.


Leader Whats app

 

 

 

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්