ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුගාමිකයන් කැඳවා සාමකාමී සහ සාධාරණ අරගලයක නිරත

පිරිසකට පහර දීමට ප්‍රකෝප කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ප්‍රහාරයට පැමිණි පිරිස සැලසුම් කර බස්රථවලින් පොලු මුගුරු රැගෙනවිත් ඇතැයි ද ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන් ළඟ හෝ ඒ ආසන්නයේ කොතනැක හෝ තිබූ පොලු මුගුරුවලින් මැර පිරිස අරගලකරුවන්ට පහර දීමෙන් එය සැලසුම්ගත ප්‍රහාරයක් බව පෙනී යන බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම අද (09) මේ බව සඳහන් කළේ ය.

මැතිවරණවලදී පවා ප්‍රචණ්ඩත්වය පැතිරවූ මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරයේ සිට ගාලු මුවදොරට ගිය බවත්, මානව හිමිකම් කඩ කිරීම පැත්තෙන් ආණ්ඩුව සිරවිය යුතු තැන සිරවී අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා කීවේ ය.

මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි මීට මාස 6කට පෙර තමන් කී බවත් නමුත් රජය එය ගණන් නොගත් බවත් කී සිරිසේන හිටපු ජනාධිපතිවරයා, බැරිම තැන ස්වාධීන වී කරුණු 11ක් සහිත යෝජනාවලියක් භාර දුන් අවස්ථාවේ පවා එය ගණන් නොගත් බව ද ප්‍රකාශ කළේ ය.

එම යෝජනා පිළි ගත්තේ නම් මීට සති දෙකකට පෙර ආණ්ඩුවක් පිහිටු වන බවත් එසේ කළේ නම් මේ ම්ලේච්ඡ ප්‍රහාරය වැළකෙන බවත් ඔහු කීය.

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටින බව ද එහිදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැති ලෙස පත්කර අන්තර් පාලනයක් ඇති කළ යුතු බවත් වහා රටේ සාමය ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේ ය.

සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරය හෙළා දකින බවත්, ප්‍රචණ්ඩත්වයට තම අනුගාමිකයන් යොමු කළ නායකයන් එහි වගකීම භාරගත යුතු බවත් හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.



මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්


මෙසේ අද දිනයේ ජන අරගල භුමියේ ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් යොමු කළ ආණ්ඩුවේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේම නිවෙස් හා වාහන වලට කෝපයට පත් මිනිසුන් විසින් ගිනි තබා තිබිණ.

ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස ද විරෝධතා ග්‍රහණයට හසු වී ඇති බව වාර්තා වේ. අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා බඩු භාණ්ඩ ආදිය කුඩුපට්ටම් කර ඇත.

රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට මේවනවිටත් ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක නිවෙස්වලට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. 

 
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ හොන්නන්තර පිහිටි නිවෙසට ද මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
 
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ නිවසට අද සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත. එම නිවස ඉදිරිපිට මාර්ගයේ මේ වන විටත් විශාල ජනාතවක් එක්රොක් වී සිටිති.
 
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත. රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු විය.
 
තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර එල්ලවන බව ද වාර්තා වෙයි.
 
 

sdrt

Aragalaya 3

fgdfgt

fgdfgr


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්