වර්තමානයේ පවතින අර්බුදය පියමන් කිරීම සඳහා අනිකුත් පක්ෂ සහායෝගය දෙන්නේනම් තාවකාලිකව ආණ්ඩු බලය ලබා ගැනීමට සූදානම් බව ජාතික
ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක රට හමුවේ පැවසීය.
''වත්මන් ජනාධිපති යටතේ සර්වජන හෝ අන්තර්කාලීන හෝ කුමන ආකාරයේ පාලනයක් ඇති කරන්නට උත්සාහ කළද එය ජනතාව පිළිනොගන්නා තත්වයක් මතුව තිබෙනවා.'' යයි පැවසු ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක, ''වත්මන් ජනාධිපති ඉල්ලා අස්වන්නේ නම් රටේ වගකීම බාරගන්න අපි සුදානම්'' යැයි කියා සිටියේය.
ඒ නිසා පළමුව ජනතාව ප්‍රතික්ෂේප කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් විය යුතු බව එම යෝජනාවලියෙහි පළමු පියවර ලෙස ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක කියයි.
රටේ වත්මන් අර්බුදය විසඳිම සඳහා ජාතික ජනබලවේගයේ විසඳුම් යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු එම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එසේ ජනාධිපති ඉවත් වු පසු දැනට අගමැතිවරයකු නොමැති තත්වයක් තුළ ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවද එම යෝජනාවලියේ දෙවන යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇත.
''මාස හයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විමෙන් නව පාලනයකට ඉඩදිය යුතු බවද ඒ අතරතුර කාලයේ වත්මන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සහය දෙන්නේ නම් පමණක් තම පක්ෂය රටේ වගකිම භාරගන්නාවා. එසේ නොවන්නේ නම් සෙසු පක්ෂවලට අන්තර්කාලින පාලනයක් පිහිටුවා ගන්නට ඉඩ දි විපක්ෂයේ සිට රට ගොඩනැගිමට අවශ්‍ය සහය ලබාදෙනවා.'' අනුර දිසානායක සිය වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
''මැතිවරණය පවත්වන කාලය දක්වා තාවකාලික ජාතික ජනබලවේගයේ ප්‍රධානත්වයෙන් තාවකාලික පාලනයක් ඇති කරන්න සූදානම් එසේ නොවන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන පාලනයක් ඇති කරන්න පුලූවන් අපි විපක්ෂයේ සිට අවශ්‍ය සහය ලබාදෙන්න සූදානම්''
''ඉහත කුමන ආකාරයෙන් පත්වන අන්තර්කාලීන ආණ්ඩුව විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් වත්මන් ජනාධිපතිගේ හා අනාගතයේ බිහිවන ජනාධිපතිවරුන්ගේ බලතල සිමා කරන යෝජනා මූලික අවශ්‍යතා සපුරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.''
''ජනමත විචාරණයත් මැතිවරණයත් දෙකම එකවර පැවැත්විය යුතුයි මාස හය කාලය තුළ එළියේ සිටින අරගලකරුවන්ද නියෝජිතයන් වෘත්තියවේදින් සිවිල් සංවිධාන වලින් යුත් අධීක්ෂන මණ්ඩලයක් පත් කළ යුතුයි.''
මේ මොහොතේ පැන නැගී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන යෝජනා මෙම මාධ්‍ය හමුවේදී එළිදැක්වීය. එම යෝජනා පහතින් පල වේ.

මේ මොහොතේ පැන නැගී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන යෝජනා මෙම මාධ්‍ය හමුවේදී එළිදැක්වීය. එම යෝජනා පහතින් පල වේ.

අර්බුදයට විසැඳුම් සුමන්දිරන් කියයි
වහාම අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් කියා සිටියි.
මේ වන විට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බවත්, පවතින අර්බුදයන්ට වගකිව යුත්තේ ද ඔහු බවත් සුමන්දිරන් සඳහන් කළේය.
ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ ද ජනාධිපතිවරයා ගෙදර යාම බැවින් ඔහු මේ අවස්ථාවේ රටේ සියලු බලතල දරා සිටීම නොකළයුතු බව ද හෙතෙම කීවේය.
හදිසි නීතිය කැඳවීම සමඟ පාර්ලිමේන්තුව ද කැඳවිය යුතු වුවත් ජනාධිපතිවරයා එසේ නොකළ බව ද සුමන්දිරන් පැවසීය.